නිවාස වල ගෘහණියන්ට හෙල්මට් එක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක චන්න විකුම් මහතා පවසයි .
ඔහු කියා සිටියේ ගෑස් පිපිරීම් නිසා ගෘහණියන් ගෑස් ලිප් භාවිතා කරන විට හෙල්මට් පැළද ආහාර පිසින බවයි .
වැඩි දුරටත් කියා සිටියේ ජතික ආරක්ෂා තහවුරු කරන්න බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව දැන් නිවස වලත් ආරක්ෂාව තහවුරු කරන්න බැරි වී ඇති බවයි .
ගෑස් පිපිරීම් මගින් විශාල හානියක් හා මරණයක් ද වර්තා වී ඇති බව කියා සිටි චන්න විකුම් මහතා අවධාරණය කර සිටියේ ගෑස් පාරිභෝගිකයාත් ඉතා භිතියෙන් සිටින බවත් ගෑස් මිල රුපියල් 1000කින් වැඩි කර පාරිභෝගිකයන් අසරණ කර බවත් දැන් මිලදි ගත් ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමට නොහැකිව දෙවැනි වරටත් පාරිභෝගිකයා අසරණ කර ඇතැයි කියා සිටියේය .
මේ බව කියා සිටියේ අද(08) විපක්ෂ නායක කාර්යලයේ දීය .