හෙට 09 දිනයේ ගෝඨා එළවා දැමීමේ ආරම්භක වැඩපිළිවෙළ දෙවන අධියර ආරම්භ කරන බවත් ඒ සදහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය දෙන බවත් විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට සහාභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

හෙට 09 දිනයේ ගෝඨා එළවා දැමීමේ ආරම්භක වැඩපිළිවෙළ දෙවන අධියර ආරම්භ කරනවා. ඒ නිසා සමගි ජන බලවේගය මේ සඳහා උදේ පෙරවරු 10 ට දිවයින පුරා විසිරි සිටින අයට ආරාධනා කර සිටිනවා කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට පැමිණෙන්න කියලා. හෙට දිනයේ දී අරගලකරුවන් අපේ සියලු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු නායකයින් එක්සත්ව හෙට දිනයේ දී කොළඹට ලක්ෂ ගාණක් ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් සෑම තැනකින්ම ඇහුවේ මොකද කරන්නේ කොයි වෙලාවටද එන්න ඕන කොයි විදියට ද ගමන් කරන්නේ කියලා. ඒ වගේම අපේ සියලුම ආසන සංවිධායකවරු කියන්නේ මෙම විරෝධතාවයට අපේ පාක්ෂිකයෝ පමණක් නෙමෙයි කිසිම දේශපාලනයකට නියුතු වෙලා නොතිබුණු නිවෙස්වල කට්ටිය තමයි විශාල උද්‍යෝගයකින් සහභාගි වෙන්නේ කියලා .කවුරුත් නොහිතන විශාල පිරිසක් කිසි දවසක පෙළපාලි වලට සහභාගි වුණේ නැති ජනකොටස් හෙට දිනයේ සහභාගිවෙනවා .සියලු ජාතීන් ඉතාම උනන්දුවෙන් උතුරේ ඉඳලා දකුණට සිංහල මුස්ලිම් ද්‍රවිඩ සියල්ල එකතුවෙලා විරෝධතාවයට එනවා .හෙට අපි ඇවිත් කොළඹ කොටුව ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්ධිරය වටලලා අපේ මේ ක්‍රියාදාමය ආරම්භ කරනවා ගෝඨාභය යනකන් අපි එතනින් යන්නේ නෑ

ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියන්ට පොලිසියේ නිලධාරීන් මහත්වරු ඇතුළු සියලු සහෝදරයන්ට කියනවා මේක අපේ තමුන්නාන්සේලාගේ සියලු දෙනාගේ අරගලයක් දේශපාලන අරගලයක් වත් ජාතික ප්‍රශ්නයක් පිළිබඳ අරගලයක් වත් ආර්ථික ප්‍රශ්නයක් පිළිබඳ අරගලයක් නෙමෙයි. මේ රට බංකොලොත් කරපු කාලකන්නි ජනාධිපති ඇතුළු ආණ්ඩුව පාංකඩ අග්‍රාමාත්‍යවරයා හොරෙන් ගිහින් දිවුරුදුන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ නඩයම මේ රටෙන් එළවලා දාලා දේශප්‍රේමි සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමේ අරගලයක්. රටේ තියෙන ව්‍යසනයට පිළිතුරු සපයන වැඩපිළිවෙළක් ගේන අරගලයක් ඒ නිසා සියලු ත්‍රිවිධ හමුදාවේ සහෝදරවරුන්ට කියනවා තමුන්නාන්සේලාගේ තුවක්කුව අපිට නෙමෙයි එල්ල කළ යුත්තේ මේක අපේ සටනක් පමණක් නෙමෙයි සියල්ලගේම සටනක් මේ වෙනකොටත් භාර්යාවන් පෝලිම් වල දරුවෝ කිරි පිටි නැතුව කන්න නැතුව ගෙවල් වල අඬනවා දෙමව්පියෝ බෙහෙත් නැතිව දුක් විදිනවා පිළිකා රෝගීන්ට බෙහෙත් නනැතුව මිය යනවා වෛද්‍යවරු කියනවා හැම පැයකටම රෝගීන් හතරක් ප්‍රවාහන පසුකම් නැතුව මිය යනවා කියලා. මේ සියලු අර්බුද ඇති කළේ මේ කාළකන්නි ආණ්ඩුව හා කාලකන්නි ජනාධිපතිවරයා ඒ නිසා මේ රටේ සුගතියක් ඇති කරන්නට නම් ඔහු පලවා හැරිය යුතුයි. එම පලවා හැරීම ජාතියේ උවමනාවයි .රට ගොඩගන්න රට බේරගන්න සියලු දෙනා එන්න කියලා ආරාධනා කරනවා .

ත්‍රිවිධ හමුදාව පොලීසිය එදා අපේ රට බේරා ගත්තා ඒ වෙලාවෙ අපි දේශපාලන පක්ෂ මත වාද පැත්තක දාලා මහින්ද රාජපක්ෂත් එක්ක හිටගත්තා ඒ මොකකටවත් නෙමෙයි ත්‍රස්තවාදය තුරන් කරන්න එදා ත්‍රිවිද හමුදාව කීර්තිමත් සේවයක් කළා නිසා ජීවිත නැති කරගෙන අතපය පරිත්‍යාග කරගෙන මාතෘභූමිය ආරක්ෂා කර ගත්තා ඒ තුළින් අපට නිදහස ලබා දුන්නා දැන් අපි කියනවා තමුන්නාන්සේලාට දෙවැනි කුරිරු ත්‍රස්තවාදියාගේ පාලනයට එරෙහිව නැගී සිටිමින් සියලු දෙනා එකතුවෙලා නැවත අපේ මාතෘභූමිය ගලවා ගනිමු ඒක තමයි සේවය හා යුතුකම එය නැවතත් ත්‍රිවිධ හමුදාවක් ගෞරවයට පාත්‍ර වන කාරණාවක් වෙනවා.

මේ කුරිරු පාලකයන් ගේ නියෝග ක්‍රියාත්මක කරන්න එපා ඒක මහා පාපකර්මයක් දරුවන්ට කරන පාපයක් කාටත් බඩගින්න තියෙනවා රටට බෙහෙත් නෑ දරුවන්ට කිරි පිටි නෑ ප්‍රවාහන පහසුකමක් නෑ සියල්ල හොරාකාලා අදත් හොරා කනවා ඇමතිවරයෙක් අදත් ඉල්ලා අස්වෙලා හොරාකාලා මේ තරම් රට කාලකණ්ණි තත්ත්වයකට දාපු මේ වෙලාවෙත් හොරකම් කරන ජනාධිපතිවරයාගේ ඉඳලම ඇමතිමණ්ඩලය පලවාහැරීම යුතුකමක් ඒ නිසා ඉදිරිපත් වෙන්න අපිත් එක්ක එකතුවෙලා සම්පූර්ණම නව රජයක් බිහිකිරීමේ මහජන සටනට ඔක්කොම එකට එකතු වෙලා අත්වැල් බැඳගමු.