කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවන මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය විරෝධය පළ කළා.
මෙලෙස මාර්ග අවහිර කිරීමට කිසිඳු අවසරයක් පොලීසියට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරන්නේ.
ජනතා මේ අවස්ථාවේ එක්ව අවදිවිය යුතු බවත් මේ අවස්ථාවේ ජනතාව විඳින පීඩාව වෙනුවෙන් සියලුම දෙනා එක්විය යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.