වහාම පරීක්ෂණයක් ඕනේ. මේක යටගහන්න දෙන්නෙ නෑ

ඉන්දියාව පවා තරහ වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කර ජාත්‍යන්තර අවුලක් නිර්මාණය කළ හිටපු විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉල්ලා අස්වීමෙන් පමණක් මෙය අවසන් නොකොට ඒ පිළිබදව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවකි.