ඉදිරියේදී ලබන ජයග්‍රහණයේ ප්‍රථිලාභ බදුල්ල දිස්ත්‍රික්කයට මෙන්ම මුලුමහත් රටටම ලබා දෙන බව පවසමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිය facebook ගිණුමේ සටහනක් ඵල කර ඇත.

එහි සදහන් වෙන්නෙ මෙසේය ,

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පුරා නොවැම්බර් 13/14 අපි ඡන්ද කොට්ඨාශ 80ම “දිනමු” කමිටු පිහිටුවා අවසන් කළා.ඒ ඉලක්කය සපුරාලීමට සහය දුන් සැමට හෞදයාංගම ස්තුතිය පුද කරමි.

අපේ ඉලක්කය සපුරාලීමෙන් පසුව ලබන ජයග්‍රහණයේ ප්‍රථිලාභ මා දේශපාලන ගමන ආරම්භ කළ බදුල්ල දිස්ත්‍රික්කයටත්,මුලු රටටත් ලැබෙන බවට මම සහතික වෙනවා.

වෛද්‍ය උපදෙස් ප්‍රකාරව මා තව දෙමසක් විවේක ගතයුතු වුවත්,ඒ නොසලකා මේ කටයුත්ත වෙනුවෙන් එක්වූ අතර, මෙම උත්සාහයට සහය දුන් සියලුම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකයින්ට ස්තූතිවන්ත වෙනවා.