අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොට්ඨාස 5ක ගොවි සංවිධාන 299ක් ජිවන අරගලයේ නිරතවෙමින් ඉතා අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් කියාසිටියේ,

අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර හැර අනෙකුත් ගොවිජනපද කොට්ඨාස විශාල ප්‍රමාණයක් දකුණු ඉවුරේ කොට්ඨාසයේ අගුණුකොලත්, මුරවැසිහේනත් වම් ඉවුර කොට්ඨාසයේ සුරියවැව මයුරපුරත් මුරුතවෙල කොට්ඨාශය යන කොට්ඨාස පහේ ගොවි සංවිධාන 299ක දරු පවුල් සියලු දෙනාම අද අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඔවුන්ට ජීවත් වීමේ ප්‍රශ්නයක් ඇතිවෙලා කන්න බොන්න නැහැ දරුවන් පාසල් යවා ගන්න බැහැ මේ සියලු ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව රජය ඇතුළු ආණ්ඩුවේ ඇමතිවරු ඒ අයගේ උද්දච්ච කමත් බලපුළුවන්කාරකයි.

ගොවීන් බරපතක්ල ජල ගැටලුවකට මුහුණදී සිටියදී විදුලිබල අමාත්‍යවරයා වන්දි ලබා දී ඇඟ බේරාගන්නා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට කටයුතු කල බවත් මෙම හේතූන් නිසා කුඹුරු පූදින කාලය වන විට ගොවීන්ට ජලය නොතිබූ නිසා උද්ඝෝෂණය කරද්දී දින තුනක් පමණක් වතුර දෙන්න තීරණය කළ බවත්  එසේ ජලය ලබා දී තිබුනෙත් ප්‍රදේශ කිහිපයකට පමණක් බවත් එතුමා වැඩිදුරටත්  පැවසීය.

රටේම ජනතාව මෙම අර්බුදය ඇතිවීමට හේතුව විදුලිබල ඇමතිගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත බව දැනසිටින පසුබිමක මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යවරයා ජාල අර්බුදය විසදීමට රටටම විහිළුවක් වී ඇති තවත් කොමිසමක් පත්කිරීමට සුදානම් වන බවත් මෙම මාධ්‍ය සකච්ඡාවේදී වෙදආරච්චි මහතා පැවසීය.

නමුත් මම ඒවා බලන්න ගියා ගොවි සංවිධාන සමග සාකච්ඡා කරා එහිදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ගොවීන් අසරණ තත්ත්වයට පත් කරන්නේ මේ ආණ්ඩුව දැන් මහින්ද අමරවීර අපේ කෘෂිකර්ම ඇමති තුමා ප්‍රකාශ කරලා තියෙනවා ජල ප්‍රශ්නය ඇතිවෙන්න මුල් වූ කරුණු සොයන්න කොමිසමක් පත් කරනවා කියලා. නමුත් එම ප්‍රශ්නය එහෙම කොමිසම පත් කරලා ඇඟ බේරගන්න කටයුතු කරන්න එපා. රටම දන්නවා කොමිසමක් පත් කරන්න අවශ්‍ය නෑ ගොවි ජනතාවට වතුර ලබා නොදුන්නේ විදුලි බලය ඇමතිතුමාගේ දඩබ්බර කම නිසා බව මෙහිදී කෘෂිකර්ම ඇමැතිවරයාගේ වගකීමක් ගොවීන්ට වතුර ලබා දීම. නමුත් කෘෂිකර්ම ඇමතිවරයා එයට අපොහොසත් වුණා අපි කියන්නේ කොමිසම් පත් කරන එක නෙමෙයි අද කර යුත්තේ ගොවිසංවිධාන 299 ක විනාශ වූ කුඹුරු සඳහා සාධාරණයක් ඉටු කරන එක එසේ නොකොරොත් ගොවි සංවිධාන 299 ගොවීන් සමග අපි පාරට බහින්න කටයුතු කරනවා.