ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය අගෝස්තු 30 වනදා ප්‍රකාශයට පත්කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත. 

කෙසේවෙතත් මෙම හදිසි නීති රෙගුලාසි පනවා ඇත්තේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ අරමුණින් යුතුව නොව, ආණ්ඩු විරෝධී අරගල මර්දනය කිරීමේ අරමුණින් යුතුව බවට චෝදනා කරන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය මීට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් පවසා තිබේ. 

සටහන – CJ