සෞඛ්‍ය වෘත්තීය සමිති 72 අද (16) දිනයේ ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන අතර ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටින්නේ අනවශ්‍ය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට බලපෑම් සිදුකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බවයි.
වෘත්තීය සමිති එක්ව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ,වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනුයි.