තෝරාගත් ක්ශ්‍රේත්‍ර කිහිපයකට වැටුප් වැඩි කිරීම හරහා විශාල අසහනයක් රාජ්‍ය සේවය තුළ නිර්මාණය වී ඇති බවත් සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලුවට වහාම විසදුමක් ලබා නොදුන්නහොත් රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ශ්රේත්රත් බරපතල අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
අද (13) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා මෙසේ පැවැසීය.
‘‘රටේ ජනතාවට , පෞද්ගලික අංශයේ සේවකයන්ට , රාජ්‍ය අංශයේ සේවකයන්ට , ව්‍යාපාරිකයන්ට , ස්වයං රැකියා කරන පිරිස ඇතුළු සියලු දෙනා ගෙවන්නේ අසීරු කාලයක්. එවැනි අවස්ථාවක තෝරාගත් ක්ශ්‍රේත්‍ර කිහිපයකට පමණක් වැටුප් වැඩි කරලා අනෙකුත් ක්ශ්‍රේත්‍ර වලට නොසලකා හැරලා විශාල අසහනයක් රාජ්‍ය සේවය තුළ ඇති කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මෝඩකම , දුරදකනා මෝඩකම ගැන , ආර්ථිකය මෙහෙයවීම පිළිබඳව නිසි ප්‍රතිපත්තියක් නැති බව තමයි මෙයින් ප්‍රදර්ශනය වෙන්නේ. වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක් වැඩි කිරිම හරහා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ සිටින අනෙකුත් පිරිසට වේදනාවක් ඇතිවෙලා තිබෙනවා. ඒ පිරිස තුළ විශාල අසහනයක් අදවනවිට ඇතිවෙලා තිබෙනවා.
රජය මේ ප්රශ්නය විසඳීමට අනුගමනය කරන ක්‍රමවේදය තුළ තව තවත් ප්රශ්නය වැඩි වෙමින් තිබෙනවා. සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ පිරිස් දින ගණනාවක් වර්ජනයක නියැලුණා නමුත් ජනාධිපතිවරයා මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබාදිලා නෑ. මේ වැටුප් ප්රශ්නය ඇති කළේ ජනාධිපතිවරයා. ඒ නිසා වෙන කිසිවෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්න බෑ. මුදල් අමාත්‍යාංශය ඇතිකරපු මේ වැටුප් ප්රශ්නය නිසා අද රටතුළ විශාල ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා.
වැටුප් ප්රශ්නය නිසා අසහනයට පත්වී සිටින සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ පිරිසි නිසා පීඩාවට පත්වෙලා තිබෙන්නේ රටේ සිටින සාමාන්‍ය ජනතවා.
රටේ සිටින සියයට 95 කට පෞද්ගලික රෝහලිකින් ප්‍රතිකාර ගන්න තරම් ශක්තියක් නෑ. රජයේ රෝහලෙන් දෙන බෙහෙතක් බීලා ජීවිතය රැක ගන්න අද රටේ ජනතාව සිදුවෙලා තිබෙනවා. රෝහල්වල අඛණ්ඩ වර්ජනයක් ඇතිවන තත්ත්වයට සෞඛ්‍ය ක්ශ්රේතයේ අර්බුදය ඇතිකළේ වර්තමාන රජය.
රාජ්‍ය පෞද්ගලික සේවකයාගේ ජීවන බර වැඩිවීම සම්බන්ධයෙන් පිළිතුරු සොයනවා වෙනුවට පැලැස්තර ගසන්නට ගොස් තමයි ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති කරගෙන තිබෙන්නේ. ‘‘
සෞඛ්‍ය අර්බුදය නොවිසදීමේ කාරණයට රජය වගකිව යුතුයි.
‘‘සෞඛ්‍ය වර්ජනය නිසා රෝහල්වල මැරෙන මිනිස්සු , අනතුරට පත්වෙලා සිටින ජනතාව , රෝගි තත්ත්ව උත්සන්න වෙලා සිටින ජනතාව , කුඩා දරුවගේ ජිවිත වලට රජය සෘජු ලෙසම වගකිව යුතුයි. සෞඛ්‍ය අර්බුදය නොවිසදීමේ කාරණයට රජය වගකිව යුතුයි. සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලුවට වහාම විසදුමක් ලබානොදුන්නහොත් රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ශ්රේත්රත්
බරපතල විදිහට අනතුරට පත්වීමේ තත්ත්වයක් තිබෙනවා. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයෙක් අමාත්‍යාංශය භාරගත්ගත් තවම ක්‍රියාත්මක වෙන්නේ කෙහෙළිය රඔුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ වැඩපිළිවෙළ. සෞඛ්‍ය අමාත්‍යාශයේ තිබෙන අකාර්යක්ෂමතාවය , ප්‍රතිපත්තියක් නොමැති බව , වැඩපිළිවෙළක් නොමැති බව මීට හේතුවයි. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයාට
සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලුවට මැදිහත් නොවී ඉන්න බෑ. සෞඛ්‍ය ඇමැතිවරයා මේ ප්‍රශ්නයට වගකිව යුතුයි. ‘‘
හකුළා ගත් විදුලිබල පනත නැවත කරළියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනවා
‘‘රටේ විදුලිබල ක්ශ්‍රේත්‍රයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු තිබෙනවා. දුෂණය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. අධික විදුලිබිල නිසා ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දීලා තිබෙනවා. මේ ගැටලු වලට විසඳුම් සොයනවා වෙනුවට රටේ පුරවැසියන් සතු සම්පත් අඩුමිලට නිසි ක්‍රමවේදයකින් තොරව අදානි සමාගම ප්රමුඛ විදේශ ව්‍යාපාරික ආයතනවලට ලබාදීම සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. සමගි ජනබලවේගය පෙන්වා දුන්න කරුණු වලින් පසුව හකුළා ගත් විදුලිබල පනත නැවත කරළියට ගෙන ඒමට ලහි ලහියේ ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුවට තව ඉතිරිවෙලා තිබෙන්නේ මාස කිහිපයයි. ඒ කාලය තුළ විදුලි බල ක්ශ්‍රේත්‍රයේ වටිනා සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රය විදේශීය ව්‍යාපාරිකයන්ට පාවා දුන්නෝත රටේ පුරවැසියන්ට සහනදායි මිලට විදුලිය ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තු අත්හැරගන්න සිදුවෙනවා. සහනදායි මිලට විදුලිය ලැබෙන්නේ නැත්නම් රටේ කර්මාන්ත කඩාගෙන වැටෙනවා. රටට ආයෝජකයෝ එන්නේ නෑ.
රටේ විදුලි බල ක්ශ්‍රේත්‍රයට දැක්මක් නොමැති නිසා පෞද්ගලික ලාභ ලැබීම් සහ දූෂිත ක්‍රියාකාරකම් පමණයි සිදුවන්නේ. ‘‘
ඖෂධ වංචාව සම්බන්ධ වගකීමෙන් කෙහෙළිය රඹුක්වැල්ලට පලායන්න බෑ.
‘‘රටේ ඖෂධ 180 ක හිගයක් පවතින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී නිසි දිනට එම ඖෂධ ලබාගන්න වෙන්නේ නැති බවත් ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තෝරාගත් සැපයුම්කරුවන් හරහා ඖෂධ ලබාගත යුතු බවට වන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය නොමග යවලා රට තුළ තොග තිබියදී වැරදි ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිම පිළිිබඳව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වගකිව යුතුයි. මෙය සාපරාධි චේතනාවෙන් සිදුකරපු දෙයක්. ඖෂධ වංචාව සම්බන්ධ වගකීමෙන් කෙහෙළිය රඹුක්වැල්ලට පලායන්න බෑ. රට තුළ නැති ඖෂධ හිගයක් මවා ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ලංකාවට ලැබුණු සල්ලි ඉක්මනින් භාවිතා කිරිමට අවශ්‍ය ක්‍රමෝපාය සකස් කළේ කෙහෙළිය රඹුක්වැල්ල. කෙහෙළිය රඹුක්වැල්ල දුෂණය කියන වරදට අනිවාර්යෙන් වගකිව යුතුයි. ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අඩුපාඩු පෙන්වා දී තිබෙනවා. නමුත් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයට විශාල පිඩනයක් යොදවා දිගින් දිගට අමතර කැබිනට් පත්‍රිකා යොදමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරලා තිබෙනවා. ඒ හරහා කැබිනට් මණ්ඩලය නොමග යවා තිබෙනවා. වෛද්‍යවරුන් විදේශගතවීම වැළැක්වීම සඳහා වැටුප් වැඩිකරමු කියලා ජනධිපතිට ලණුවක් දුන්නා. මුදල් ඇමැති ලෙස ජනාධිපතිවරයා ඒ ලණුව කෑවා. රුපියල් 35,500 ක් වැඩි කළා කියලා වෛද්‍යවරු රට යෑම නතර කරන්නේ නෑ. අවසානයේ සිදුවුණේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවීම පමණයි. මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරයාට රාජ්‍යයක් පාලනය නොහැකි බව.‘‘
සජිත්ට කිසිදු දුෂණ චෝදනාවක් නෑ
‘‘සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාල සීමාවේදී විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරපු පුද්ගලයෙක්. ඔහුට කිසිදු දුෂණ චෝදනාවක් නෑ. සජිත් ප්‍රේමදාස යටතේ තිබුණ ආයතන නිසි ලෙස කළමනාකරණය කළා. මහජනතාවට විශාල සේවාවක් සිදුකළා. ඒ වගේම සංස්කෘතික අරමුදලේ මුදල් අනුමැතියක් සහිතව රටේ ආගමික ස්ථාන සංවර්ධනය යෙදෙව්වා. ඒ සම්බන්ධයෙන් එල්ල කරපු චෝදනාවලට පිළිතුරු කෝප් කමිටුවේදී ලැබුණා. සංස්කෘතික අරමුදලේ මුදල් අනුමැතියක් සහිතව ගත් බව අමාත්‍යාංශ ලේකම්වරයා කෝප් කමිටුවේදී පැහැදිලි කළා. විගණකාධිපතිවරයාත් එය පිළිගත්තා. සජිත් ප්‍රේමදාස පෞද්ගලික පරිභෝජනයට කිසිදු මුදලක් ලබාගත්තේ නෑ.‘‘
අනුර කුමාර දිසානායක ඉන්දියාවට විතරක් නෙවෙයි චීනයට , ඇමෙරිකාවටත් යන්න ඕනි
‘‘අනුර කුමාර දිසානායක ඉන්දියාවට විතරක් නෙවෙයි චීනයට , ඇමෙරිකාවට ගිහින් බලන්න ඕන. ඒවගේම උතුරු කොරියාව , කියුබාව එවැනි රටවලට ගිහින් කොමියුනිස්ට්ස් වාදය කඩා වැටිලා තිබෙන විදිහ බලන්න ඕන. කොමියුනිට්ස් වාදය තිබුණ වියට්නාමය අද ධනවාදී ආර්ථිකයක් යටතේ ගොඩනැගි ඇති තත්ත්වයත් අනුර කුමාර දිසානායක ගිහින් බලන්න ඕනි. චීනය නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය හරහා ලෝකයේ ඉදිරියට ඇවිත් තියෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕනි. ලෝකයේ ඇවිදින තරමට කතාකරන තරමට දැනුම ලැබෙනවා. අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට වැඩි වැඩියෙන් ලෝකය දකින්න වාසනාව ලැබෙන්න ඕන. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවෙලා අනුර කුමාර විපක්ෂ නායක වෙලා ආණ්ඩුවේ ක්‍රියාකලාප වැරදි වැරදියි කියලා කියන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පුලුවන් තරම් ජනතා විමුක්ති පෙරමුණ විදෙස් රටවලට ගිහින් ඒ රටවල් දියුණු වෙලා තිබෙන්නේ කොහොමද කියලා බලන්න ඕනි. ‘‘