“රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සේවයේ සුරක්ෂිතභාවය රැකගනිමු” යන මැයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රම්බුක්වල්ලට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අද පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ විය.

රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධනය කරනු ලැබූ මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිය,

ඒ පිලිබදව මහජන පෙත්සමෙහි සදහන් කර තිබුනේ පහත ආකාරයෙනි,

ගරු කථානායකතුමා මගින්,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියළුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමන්ලා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ලා වෙත,

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාභංග යෝජනාවට සහය පළ කරන මහජන පෙත්සම

අදූරදර්ශී රාජ්‍ය පාලනයක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාව, නිදහස් සෞඛ්‍ය සේවය රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපකින් රෝගීන්ගේ අයිතියට හා නිරෝගී වීමේ අයිතියට මරු පහරක් එල්ල කරමින් අප සැම අන්ත අසරණ තත්වයකට පත් කරමින් ඇත.

රෝහල් පද්ධනියට අත්‍යවශ්‍ය ප්‍රමිතිගත, ගුණාත්මක ඖෂධ හා

එන්නත් ලබා නොදෙන්, ප්‍රතියෙන් තොර බාල ඖෂධ හා එන්නත් ලබා දෙමින්, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු නොකරමින් හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා නොදෙමින් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආකාරයෙන් අහිංසක ජීවිත මරු තුරුලට ගෙන යමින් හා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ ඇති විශ්වාසය පලුදු කරමින් රෝහල් වෙත යාම මරණය කරා යන ගමනක් බවට පරිවර්තනය කරමින් ඇත.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවයට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවන්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය විෂය යටතේ පැවරී ඇති කාර්යයන් හා කර්තව්‍යයන් කඩකරමින් හා උල්ලංගනය කරමින් කටයුතු කිරීමයි. එම නිසා රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිය, ජීවත්වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ සුරක්ෂිතභාවය රැක ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෑන් ඔසවා ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙස අරි සැම ඔබ සැමදෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු.