ආණ්ඩුවේ සුරංගනා කතා වලට අද ජනතාව රැවටෙන්නේ නැති බවත් එම නිසා රටේ ජනතාවට රෝසමල් පෙන්වීමට සූදානම් නොවන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මහතා කියා සිටියේය .
මෙසේ කියා සිටියේ අද (20) විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
වැඩි දුරටත් පැවසූ ඉම්තියාස් බාකීර් මන්ත්‍රීවරයා,
“ආණ්ඩුවකින් රජයකින් ඉටුවිය යුත්තේ ජන ජීවිත ඉදිරියට ගෙන යෑමයි ආපස්සට ගෙන යෑම නෙමෙයි. ආණ්ඩුවට වසර දෙකක් අවසානයි එහිදී සියල්ල දිහා බලන්න ඍණ වුණා ද ධණ ද තීන්දු කරන්න ඕන. ජනතාවට ඒ වෙනුවෙන් වැඩි දුර යන්න ඕන නැහැ ජනාධිපතිතුමාගේ කථාව එතුමාගේ මුහුණ පොතේ පළ කරලා තියෙනවා ඒ පිටුවට යන්න ජන මතය තමයි දර්ශකය ජනතාවගේ හඬ දර්ශකයයි ජනතාවගේ ප්‍රතිචාරය දිහා විනාඩි කිහිපයක් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. සුරංගනා ලෝක වලට අද ජනතාව රැවටෙන්නේ නැහැ ජනතාව බුද්ධිමත් ප්‍රතිචාර දිහා බලන්න ඉතාමත් ලැජ්ජයි ඒ තත්ත්වය ගැන. තවදුරටත් රෝස මල් පින්තූර පෙන්වන්න සූදානම් වෙන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා .
ජනාධිපතිතුමා කතා කළේ මොනවද මේ රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට ඇමතීමක් ඒ කතාවේ නැහැ සුරංගනා ලෝකයේ ඉන්න ජනාධිපතිවරයෙක් කතා කරනවා වගේ එතුමා කතා කළේ .සහන පැකේජයක් ගැන කතා කළා අයවැය තුළ ඒවාට ප්‍රතිපාදන නැහැ මුදල් අනුමැතියක් නැහැ කොහොමද මේ මුදල් හොයාගන්නේ මිනිස්සු තවදුරටත් රවට්ටන්න කටයුතු කිරීමක් තමයි ඒ කතාව තුළ දැක්කේ.
අත්‍යවශ්‍ය ආහාර නැවෙන් වෙනවා නමුත් ගොඩබාන්න විදියක් නැහැ සල්ලි නැහැ. තෙල් ටික එනවා නැවෙන් ගොඩ බාන්න විදිහක් නෑ සල්ලි නැහැ .බෙහෙත් ටික එනවා බෙහෙත් හිඟයි කියලා මාධ්‍ය හෙළිකරනවා නමුත් බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ හැබැයි අසූචි නැවකට මිලියන 6කට වැඩි මුදලක් ගෙවනවා .අපිට ලැබිච්ච දෙයක් නැහැ පොහොර ටිකත් නෑ නිකම් මුදල් දෙනවා ඒ වැරදි අසාධාරණ ගනුදෙනුව කළේ කවුද ජනතාවගේ සල්ලි මේ විදිහට ගජමිතුරුන්ට මංකොල්ල කන්න ඉඩ දුන්නේ කවුද?මේවාට ගන්න පියවර ගැන ජනතාව දැනුවත් කරනවා ද මේවා දිහා බලාගෙන ඉන්න පුරවැසියන්ට පුළුවන්කමක් නැහැ මිනිසුන්ගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්නේ ගජමිතුරු ධනවාදී නිමාවක් ඇති කරන්න කාලය ඇවිත් තිබෙනවා . “