දශක ගණනාවක් ස්වකීය සුනිල්වන් ස්වරයෙන් ලාංකේය ගීත වංශකතාවේ නොමැකෙන සලකුණක් තැබූ අද්විතීය හඬ පෞරුෂය, දිවංගත සුනිල් පෙරේරා සංගීතවේදියානන් සිහිපත් කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 34 වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැටදහසක් (රු. 2,360,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
එකක් රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Edan Multipara Monitor යන්ත්‍ර 8ක් මෙලෙස පරිත්‍යාග කෙරේ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර වට 33ක් තුළ රුපියල් ලක්ෂ 992ක (රුපියල් 99,250,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.