ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය පැවැසුවාය.

සිය ට්විටර් ගිණුමෙන් ඇය ඉල්ලා සිටින්නේ බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්ය.

මේ අතර කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් සඳහන් කලේ සාමකාමී විරෝධතා සඳහා ඇති අයිතිය අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇති බවයි.

පුද්ගලයින්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳ මෙහිදී අවධානයෙන් පසුවන බවයි ඇයගේ නිවේදනයේ දැක්වෙන්නේ.