ස්වාධීන කථානායකවරයකු වෙන්නැයි මධ්‍යස්ථ කතානායකවරයකු වී ආණ්ඩුවටත් විපක්ෂයටත් එක හා සමාන සලකන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවුණු සිදුවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් විපක්ෂයේ අයිතීන් උල්ලංඝනය වීම් විදියට තමයි අපි දකින්නේ. පාර්ලිමේන්තුවේ දවසේ වැඩ කටයුතු අවසන් වන තෙක් කල් ඉල්ලපුවම කතානායක වරයෙක් කටයුතු කරන ආකාරයට නෙමෙයි ඊයේ කතානායක කටයුතු කළේ ඒ තැන දී ඔහුට සිද්ධ වුණේ වෙන මොකුත් නෙමෙයි ඔහුට සිද්ධ වුණා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නියෝගයට අවනත වෙන්න ඊයේ කතානායක වරයා බවට පත්කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා එතුමා කිව්වා අපි පහෙන් පස්සේ සරත් වීරසේකර මහතාගේ කතාවෙන් පස්සේ වැඩ කටයුතු අවසන් කරනවා කියලා සභාවක් පහෙන් පස්සේ කල් දැන්මා එතුමාට එහෙම තීන්දු තීරණ ගන්න බැහැ ඒ නිසා කතානායකවරයා ඊයේ කටයුතු කෙරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නියෝගවලට ඒ නිසා අපි පාර්ලිමේන්තුව අද කතානායකවරයා remote control එකකින් පාලනය වෙන කතානායක වරයෙක් බවට පත්වෙලා.
පාර්ලිමේන්තුව ඇතුළේ අපේ මන්ත්‍රීවරුන්ට ඒ අයට ගහන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඒගොල්ලොන්ට ගමට යන්න බැහැ පාර්ලිමේන්තුව ඇතුලේ බලය තිබුනද අද ගමට ගිහිල්ලා ජනතාව ඉස්සරහ ජනතාවට මුහුණ දෙන්න බැහැ ජනතාව ගහනවා ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා පාර්ලිමේන්තුව ඇතුළත ක්‍රියාත්මක වන ඒකාධිපති වියරුව ගමට ගියාම උත්තර දෙන්න කටයුතු කරන්න.
විශේෂයෙන්ම කතානායකතුමාට අපි ඉතාම අවධානයෙන් කියනවා ස්වාධීන කතා නායකයෙක් වෙන්න මධ්‍යස්ථ කතානායක වරයෙක් වෙන්න ආණ්ඩුවටත් විපක්ෂයටත් එක විදියට සලකන්න ඔබතුමාගේ ගෞරවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට කෙළෙසන්න ඉඩ දෙන්න එපා.
මේ අදහස් දැක්වූයේ අද (04) විපක්ෂ නායක කර්යාලයේ දීය .