2019 දී ජනතාව ගෝඨාභයට කැමති වූ නිසා රට විනාශ වුවත් මේ වන විට ජනතාව නිවැරදි තීන්දුව ගෙන සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න තිරණය කර ඇති බව සමික්ෂණ මඟින් හෙළිදරව් වී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැයි දිනය දා සමගි ජන බලවේගය පැවැත්වූ රැළිය අමතමින් පැවසීය.
සජබෙන් 15ක්, 20ක් යන බවට කටකතා ගියත් කවුරුත් එසේ නොගිය බවත් ගිලන නැවකට පනින්න කවුරුත් කැමති නොමැති බවත් තවදුරටත් ගමේ ශක්තිය වැඩි කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
එසේම රටේ වැඩ කරන ජනතාව තමන්ගේ ජීවිකාව ගෙන යන්නේ ඉතා අමාරුවෙන් බවත් ජනතාව අගමැති සහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති මොහොතක ජනතාව නිවැරදි නායකත්වයක් සොයනා බවත් ඒ මහතා පැවසීය.