පසුගිය සිකුරාදා දින රජය විසින් ගැසට් කල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත බව පිළිබද ඊනියා පනත් කෙටුම්පත පිලිබදව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාහෙළි කරයි.

සාලිය පීරිස් මහතා මෙහිදී කියා සිටින්නේ මෙම පනතේ යටි අරමුණ සමාජ මාධ්‍ය පාලනය කිරීම බවත් මෙම පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ අගතියක් සිදුවනු ඇති අතර එම පනත මගින් පිහිටුවන කොමිෂන් සභාව හරහා සත්‍ය කුමක්ද සත්‍ය නොවන්නේ කුමක්ද යන්න තීරණය කරන බවයි.

හුදෙක්ම වගතිවයුතු පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකොට හොර රහසේම ගෙනැවිත් ඇති මෙම පනතේ අරමුණ අන්තර්ජාලයේ සුරක්ෂිත භාවය සුරැකීමවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතබව ආරක්ෂා කිරීමවත් නොව සමාජ මාධ්‍ය මර්ධනය කිරීම බව එතුමා පැවසූ අතර අන්තර්ජාල පහසුකම් සපයන සමාගම්වලට පවා මෙය බරපතළ තත්ත්වයක් ඇතිකරන බවද එතුමා අවධාරණය කළේය.

අදාළ වීඩියෝව මෙතනින්