ආර්. සම්බන්ධන් මැතිතුමාගේ හදිසි අභාවය ගැන තමා බලවත් සේ කණගාටුවටත් කම්පාවටත් පත්වන බවත් සම්බන්ධන් මැතිතුමා ශ්‍රේෂ්ඨ ජන නායකයකු මෙන් ම විශිෂ්ඨ ජාතික නායකයකු බවත් රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි ජාතින්, ආගම් අතර ජනකොට්ඨාස අතර සහෝදරත්වය මිත්රශීලීත්වය සංහිඳියාව එකමුතුභාවය තහවුරු කළ මෙරට සියලුම පළාත්වල දිස්ත්‍රික්කවල ජනතාව එක හා සමානව සැලකූ ජන නායකයකු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එතුමාගේ හදීසි අභාවය රටටත් ජනතාවටත් සංහිඳියාවටත් ජාතික එකමුතුභාවයටත් විශාල පාඩුවක් බවත් විශේෂයෙන් ම සම්බන්ධන් මහතා ඉටු කළ ඒ ඓතිහාසික ගෞරවනීය සේවාව හැමදාම සමරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමිනි.