අද අළුයම මාරක රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිතව තිබේ.

ජගත් ප්‍රියංකර මහතා පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වන අතර එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුය.

ගොටභය රාජපක්ෂ ජනාධිපති ධූරය අතහැර යාමත් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමත් නිසා මී වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකර මහතා ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ වියෝවත් සමඟම ආණ්ඩු පක්ෂයට එක මන්ත්‍රී අසුනක් අහිමිවී විපක්ෂයට අසුනක් එක් වීමට නියමිතව තිබේ.