ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් අද(13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරුණි.ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී ය.

එම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කරනු ලබන අතර දූෂණ වංචාවලට වැට බැදීම, සුසමාදර්ශී පාලනයක් උදෙසා විධිවිදාන සැකසීම මෙන්ම ඒ ඒ ක්ශේත්‍ර ගතයුතු ක්‍රියාත්මක ගැනද එහිදී අවධානය යොමුකරනු ඇත.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය,රජයේ ඖෂධවේදීන්ගේ සංගමය,සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයින්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

මෙහි අරමුණ හුදු දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම නොවන බවත් සත්‍ය රටට හෙලිදරව් කිරීම මෙහි ඒකායන අරමුණ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.