විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් පොඩි මිනිහා වෙනුවෙන් කට වහගෙන නොසිටි නායකයෙක් බවත් අනුර කුමාර දිසානායක හමාදාමත් රට තුල ප්‍රභූ පාලනයක් ස්ථාපිත කිරීමට කට ඇරපු බවත් අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමුන් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පැවසීය.

එතුමා මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් දැක්වූ අදහස්,

අපි දැක්කා පසුගිය දිනක අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයාට කියනවා කට වහගෙන හිටියොත් ඔටුන්න හිමි කුමාරයා වෙන්න පුළුවන්. සජිත් කට වහගෙන හිටියොත් හොඳයි කියලා ගෝඨාභය රාජපක්ෂත් කට වහලා ජනාධිපති වුණේ සජිත් කට ඇරලා කතා කිරීම හරහා රටේ නායකයා වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියන එක. මෙහිදී අපි කල්පනා කරල බලන්න ඕන සජිත් කා වෙනුවෙන් ද කතා කරන්නේ කා වෙනුවෙන්ද කට අරින්නේ කියලා.

අපි දන්නවා මෑත කාලය ගත්තම ඉතිහාසයට යන්න ඕන නැහැ කොරෝනා කාලයේ දී එතුමා කට ඇරියා ඒ වසංගතය ගැන ඒ වගේම රටේ කාලීන ප්‍රශ්න තියෙද්දී එතුමා කට අරිනවා රටේ පොඩි මිනිහා වෙනුවෙන් ඉතිහාසයේ හැමදාම කතා කරලා තියෙනවා. ඒ වගේම ළඟම සිදුවීම ඊයේ පෙරේදා ජනක රත්නායක මහත්තයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කට ඇරියා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහත්තයාට කට වහගෙන ඉන්න කියන අනුර කුමාර දිසානායක මහත්තයා කා වෙනුවෙන් ද කට ඇරියේ. අපිට මතකයි මුලින්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙනුවෙන් කට ඇරියා ඊළඟට මහින්ද රාජපක්ෂ ට ඔටුන්න පිරිනමන්න කට ඇරියා. ඒ විදියට එතුමා කට ඇරලා තියෙනවා අවස්ථා ගණනාවකදී හැබැයි මෑතකදී ගත්තම ජනක රත්නායක වෙනුවෙන් එතුමා කට වහගෙන හිටියා එතුමා කට අරින්නේ මොනවටද කියන එක පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා.

ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා අන්තිමට අපි දැක්කා මැතිවරණ ඉල්ලලා උද්ඝෝෂණයක් කරලා කට වහලා කඩේ ඇතුලට රිංගලා කඩේත් වහලා හිටියා ඒ වගේ න්‍යාය පත්‍ර වලට තමයි අනුර කුමාර දිසානායක මහත්තයාලා වැඩ කරන්නේ එහිදී අද මේ රටේ ප්‍රධාන විපක්ෂනායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ගමන අඩාල කරන්න රටේ නායකයා වන එක වළක්වන්න නොයෙක් අයගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න වැඩියෙන්ම කට අරින්නේ අනුර කුමාර දිසානායක මහත්මයා කියන එක මතක් කරන්න ඕන.එක එක පුද්ගලයාගේ කට කැඩපතක් විදියට තමයි අපි දකින්නේ ඒ කට භාවිතා කිරීම අනුව වහරණ භාෂාව අනුව පුද්ගලයා හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන කියලා තියෙනවා කාටත් ප්‍රිය හෘදයාංගමව කතා කරන අය ‘මධුභානි’ ලෙස හැදින්නුවා. මනහර සුන්දර බව මතු කරමින් කතා කරන අය ‘පුෂ්පභානි’ ලෙස හැදින්නුවා.කියලා තව තුන්වෙනි කොට්ඨාසය විදියට ඔළුවට හිසරදයක් වෙන ආකාරයට අපහාස උපහාස කරන තර්ජනය කරන පුද්ගලයෝ ‘ගෝතභානි’ ලෙස හැදින්නුවා.මට මේ තුන් කොට්ඨාසය දිහා බැලුවම අනුර කුමාර දිසානායක මහතා වැටෙන්නේ ‘ගෝතභානි’ කියන කොට්ඨාශයට කියන එක කියන්න පුළුවන් එතුමා හැමදාම කට ඇරියේ පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මිනිස්සුන්ට අපහාස උපහාස කරන්න තර්ජනය කරන්න. එම නිසා අපිට එතුමා හඳුන්වන්න පුළුවන් ගෝතභානි විදිහට හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා හැමදාම හෘදයාංගමව ජනතාවගේ ප්‍රශ්න කතා කරා වාසි ප්‍රයෝජන බැලුවේ නෑ එක එක පුද්ගලයන්ගේ අවශ්‍යතා මත ඔටුනු පළන්දන්න එතුමා කතා කරේ නෑ ඒ නිසා මේ විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපහාස උපහාස කරන ගෝතභානි අනුර කුමාර දිසානායක මහත්මයලා කයියෝ විතරයි වැඩ්ඩො නෙමෙයි.

ඒ වගේම අද ආගමික සංහිඳියාව වාර්ගික සංහිඳියාව ගැන ආයෙත් කතා කරන්න සිදුවෙලා. පහුගිය අවුරුදු දෙක ගත්තතම ගෝඨාභය රාජපක්ෂව ගෝ හෝම් අරගලයේදී රාජපක්ෂ පරපුර ගෙදර යවන අරගලයේ දී ආගමික සංහිඳියාව, වාර්ගික සංහිඳියාව ඉතාම ඉහළ මට්ටමකට ආවා. මේ රටේ කාලාන්තරයක් නොතිබුණු ඒ සංහිඳියාව ඇති කරන්න අපේ රටේ මහජනතාවට පුළුවන් වුණාගෝඨාභය ගෙදර වීමේ අරමුණ වෙනුවෙන්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලකයින්ට ඒක ලොකු ගැටලුවක් බවට පත් වුණා ආගමික සංහිඳියාවත් වාර්ගික සංහිඳියාවත් ඇතිවීම. විශේෂයෙන්ම මේ ආගමික සහ වාර්ගික ප්‍රශ්නත් එක්ක හැමදාම දේශපාලනය කරපු කඳවුරක් තමයි රාජපක්ෂ කඳවුර හැමදාම ජාතීන් අතර අසමගිය වෛර ඇති කරලා ආගමික කොට්ඨාස අතර වෛරය ක්‍රෝධය ඇති කරලා දුරස් කරලා තමයි බලය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළේ. හැබැයි අපිට පේනවා අරගලයත් එක්ක ඇතිවුණු ඒ ආගමික සංහිඳියාව වාර්ගික සංහිඳියාව බිඳ දමන්න එක එක ආකාරයේ පිටපත් ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා ජෙරම් ඒ වගේම නතාෂා ඒ වගේම ස්වාමින්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තියෙනවා ඒ සම්බන්ධව විශේෂ පොලිස් ඒකකයක් හදනවා කියල රජයේ කියලා තියෙනවා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් රජය කිව්වා එසේ විශේෂ පොලිස් ඒකක රජය ක්‍රියාත්මක කරන්න ඕන නෑ තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙත් නැහැ මේ පිටිපස්සේ ඉන්න හස්තයන් හදුනගෙන කටයුතු කරානම් ඇති.මේ රටේ ඇතිවුණු සංහිඳියාව දුරස් කරන්න ක්‍රියාත්මක කරන මේ හස්තයන් කවුද, මේවා පිටිපස්සේ ඉන්න බලවේග කවුරුන්ද කියලා හඳුනාගත්තොත් අලුතෙන් ඒකක පිහිටුවන්න අවශ්‍ය නැහැ.ඒ නිසා පැහැදිලිව අපි දකිනවා මේ හැම දෙයක්ම පිටිපස්සේ න්‍යාය පත්‍ර තියනවා ඒව ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වුවමනාවන් මත විශේෂයෙන්ම බලය වෙනුවෙන් හැමදාමත් ජාතිය ආගම විකුනපු රාජපක්ෂ කඳවුරේ නියෝජිතය විදිහට තමයි ජනාධිපතිතුමා කටයුතු කරමින් ඉන්න ඒ නිසා අද අපිට පේනවා නැවත වතාවක් මේ රටේ ජාතීන් අතර ආගම් කොට්ඨාස අතර දුරස් භාවයක් ඇතිකරලා ඒ තුළින් බලය ලබා ගැනීම සඳහා වූ ඉලක්ක වලට ගමන් කරන ව්‍යාපාරයක් නැවත හිස ඔසවමින් තියෙනවා මේකට අපි විරුද්ධයි හැමදාමත් සමගි ජන බලවේගයත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අපි හිටියේ සියලු ජාතීන් ආගම් කොට්ඨාස සමග රට දියුණු කරන වැඩ පිළිවෙලක අදටත් හෙටටත් අපි එකේ ඉන්නවා නමුත් මේ විදියට අදෘශ්‍යමානව කටයුතු කරන බලවේග හඳුනා ගැනීම වැදගත් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෝ කවුද, ඔවුන්ට දඬුවම් දීම සඳහා ඒ කටයුතු අඩපණ කර ගැනීම වැදගත් බව අපි දකිනවා.

අපි දැක්කා පසුගියදා චීන ජාතික රතු වරෙන්තු කරුවෙක් වෙනුවෙන් මහදවල් හෙලුවෙන් කඩේ ගිය අරුන්දික ප්‍රනාන්දු මහත්මයා ඉදිරිපත් වුණා. එතුමා කිව්වේ ඔහු ආයෝජකයෙක් කියලා රටට ආයෝජන ගෙන මහා ආයෝජකයෙක් විදියට තමයි හැඳින්නුවේ හැබැයි දැන් ඒක එළි වෙලා ඔහු රතු වරෙන්තු කරුවෙක් විදියට. දැන් මේකට අරුන්දික ප්‍රනාන්දු මොකක්ද කියන්නේ මොකක්ද රජය දක්වන අදහස දැනටත් කියනවද ඔහු ආයෝජකයෙක් කියලා ඒ නිසා වහාම රජය මුලින්ම තමන්ගේ රාජ්‍ය ඇමතිවරයා ගෙන් ප්‍රශ්න කරන්න ඕන මොකක්ද මේ පුද්ගලයා එක්ක තිබුණු සම්බන්ධතාවය මොනවද මොහුත් එක්ක දාගත්තු ඩීල් කියන කාරණය. ඒ වගේම අපි ඉදිරියේදී මේ සම්බන්ධව එළඹෙන පාර්ලිමේන්තු වාරය දී ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහට වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයෝ ඉතිහාසයේ අපි දැකල තියනවා අද ඒවගේ පුද්ගලයෝ මේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වෙනවා එවැනි පුද්ගලයෝ එක්කද රනිල් වික්‍රමසිංහ මහත්මයා 2048 රට දියුණු රටක් බවට පත් කරන්න යන්නේ කියන ප්‍රශ්නය එදත් දැක්කා අදත් දකිනවා ඒ නිසා අපි විපක්ෂයක් විදියට ඉතාම අවදානමෙන් ඉන්නේ මේ සම්බන්ධව තවදුරටත් කරුණු ඒකරාශි කරමින් ගතයුතු ක්‍රියාමාර්ග අපි එළඹෙන දින කිහිපය තුළදී ගන්න බලාපොරොත්තු වෙනවා.