සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ජයග්‍රාහී ඡන්ද සටන කුරුණෑගල, කුලියාපිටියෙන් පසුගියදා (20 වැනිදා) ආරම්භ කළ බව කුලියාපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු ඇමැති උපාලි පියසෝම මහතා ප්‍රකාශ කළේය.
කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ සෑම කොට්ඨාශයකම ගමකම ඡන්දපොළ නියෝජිතයින්, ක්‍රියාකාරි සාමාජික, සාමාජිකාවන් සියලු දෙනාගේ ඒකමතිකත්වයෙන් ජනාධිපතිවරණ මැතිවරණ ඡන්ද සටනට සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා වී සම්මතවීම කැපී පෙනුණි.
නාරම්මලදී අහිංසක, නිරායුධ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දැකීමේ මහජන යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ඊට අමතරව මේ ඝාතනය සිදු කළ පොලිස් නිලධාරියාට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ඉටු කරන්නැයි ඉල්ලීමක් ද මේ හමුවට එක්වූවෝ සිදු කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන සංවිධායක උපාලි පියසෝම මහතා මෙම හමුවේදී දැක්වූ අදහස්,
”අද වන විට මුළු රටේම බලාපොරොත්තුව සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමයි. ඒ සඳහා වූ පුළුල් ජාතික වැඩපිළිවෙළක්ද අද අපි කුලියාපිටියෙන් ආරම්භ කරනවා. අපේ නායකයා ජනාධිපතිවරයා බවට පත්කිරීමේ යෝධ ව්‍යාපාරය අද ඓතිහාසික ඇතුගල්පුරවරයෙන් පටන් ගන්නවා” කීය.