සජබ පා ගමන අතරතුර සිදු වූ සිදුවිම්,
මේ අතර පෙළපාලිය මාවනැල්ලේ සිට ඉදිරියට පැමිණෙන විට විශාල වර්ශාවක් ඇද වැටුනේය. වැසි නොතකා පා ගමන ඉදිරියට ගමන් කළ අතර සජිත්ට වාහනයකට ගොඩවන ලෙසට ආරක්ෂක නිලධාරීහු දැනුම් දුන්හ.
“මට වාහනයේ යන්න ඕන නෑ. මම මිනිස්සුත් එක්කම ඉදිරියට එන්නම්”කී සජිත් වැස්සේම ඉදිරියට ආවේය.
වැස්සේ ඉදිරියට එන සජිත්ගේ ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පියෙක් කටයුතු කරමින් තිබුණේය. එතැනට පැමිණි සජිත් කැමරාව ඔහුගෙන් ඉල්ලා ගත්තේය
“මගේ පොටො නෙමෙයි, මේ එන අයගේ පොටෝ තමයි ගන්න ඕන”කී සජිත් කබීර් හෂීම් ඇතුළු මන්ත්රීවරුන්ගේ ඡායාරූප ගත්තේය. සජිත් ඡායාරූප ගන්නා ඡායාරූප ගත්තේ මනුෂ නානායක්කාර මන්ත්රීවරයාය.