සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී ආණ්ඩු බලය ලබා ගැනිමෙන් පසුව තරුණ තරුණයින්ට සාධාරණයක් ඉටු කරන බව සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසයි .
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව කොට්ඨාස සමගි තරුණ බලවේග පිහිටුවමින්ය .
ජනවාරි 29 දින සමගි ගොවි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ගොවින්ට බලාපොරොත්තුවක් ලබා දුන් බවද මන්ත්‍රීවරයා පැවසීය .
සමගි ජන බලවේගය දැක්මක් හා ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .
ඉදිරියේදී රටත්, ගොවියාත්, තරුණයත් රැක ගැනිමට සමගි ජන බලවේගය කටයුතු කරන බවද කියා සිටියේය .
වත්මන් ආණ්ඩුව වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළේ ය.
ඕනෑම මැතිවරණයක් පවත්වා ජනමතය විමසන ලෙස ද, කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා ආණ්ඩුවට අභියෝග කළ සිටියේය .
අද වනවිට පොදු ජන පෙරමුණේ පාක්ෂිකයකු ගමකින් සොයා ගැනිමට නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය .
මෙම තරුණ සමගි බලවේගයේ බලමණ්ඩලයට තරුණ තරුණියන් 600කට වඩා එක්වී සිටිමත් විශේෂත්වයකි .
සටහන – CJ