සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය අද පැවති පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය විසින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන ලදී .

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධූරවලින් ඉවත් විය යුතුය .

වැඩබලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට කටයුතු කළ යුතුය .ඉන්පසු පාර්ලිමේන්තුව රැස් කොට ජනාධිපතිධුරයට සුදුසු අයකු පත්කිරීමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළ යුතුය .

මෙම යෝජනා සඳහා බහුතර පක්ෂ නායකයින්ගේ එකඟත්වය හිමිවිය.

මාධ්‍ය අංශය සමගි ජන බලවේගය