මග දෙපස සිටි ජනතාවගෙන් පෙළපාලියේ ගමන් ගන්නා පිරිස්වලට දිරිගැන්වීම් මෙන්ම සටන් පාඨ කියමින් සහයෝගය ද ලබා දෙනු දැකිය හැකි විය.බොහෝ ස්ථානවල සිසිල් පැන් ලබා දෙමින් පෙළපාලිකරුවන් ගේ විඩාව සංසිදුවා ගැනීමට මග දෙපස සිටි පිරිස් උනන්දුවෙන් දායක විය.

මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහන වලින් ද එවැනිම සහයෝගයක් හිමිවිය.සෑම වාහනයකින් ම පාලනය ” කපුටු කාක් කාක්” යනුවෙන් නලා වාදනය කොට සහයෝගය දක්වනු ලැබීය.