සමගි ජන බලවේගය ඉදිරියේදී ආණ්ඩුව නිර්මාණය කරන්නේ ජනතා ඡන්දයෙන් බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියේදී ඉදිරිපත් කරන බව සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි .

ඔහු මේ බව පවසා සිටියේ අද(07) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ මයන්ත දිසානායක මහාතා ,

“අපි ආණ්ඩුවක් හදන්නේ පිටිපස්සේ දොරෙන් නෙමෙයි ජනතා ඡන්දයෙන් එහිදි පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන්න ඕන එහිදී අපි බහුතරයක් හදාගන්න අවශ්‍යයි .මේ ආණ්ඩුව ඇවිත් කළේ විසිවෙනි සංශෝධනය ගෙනාපු එක අපි හදන්නේ මේ රටේ පාර්ලිමේන්තුවයි විධායකයයි ශ්‍රේෂ්ඨාධිකරණය අතර 19 සංශෝධනයෙන් කරා හා සමානව දෙයක් අපි කරන්න ඕන . මේ රටේ ඇමතිවරුන්ට බලධාරීන්ට හොරකම් කිරීමට යනවා නම් එයට තිත තියන්න ඕන එයට අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදාගෙන යන්නේ අපේ දර්ශනය අපි ඉදිරිපත් කරනවා .ඒ වගේම තරුණ අසහනය පිළිබඳ සමගි තරුණ බලවේගය පක්ෂය තුළ අපි අවශ්‍ය කරන ප්‍රතිපත්ති මාලාව හදා ගෙන යමින් තිබෙනවා තව සති කීපයක් තුළ ඒ ප්‍රතිපත්ති ජනතාවට එළිදක්වන්න අපි සූදානම් වෙනවා.

අපි විපක්ෂයක් විදියට බොරුවට කෑ ගහනවා වත් බොරුවට උද්ඝෝෂණය කරනවා වත් නෙමෙයි රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා එයට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි ඉදිරි ආණ්ඩුව බලය ගන්න පක්ෂයක් හැටියට අපි කියන්නේ මේ විදිහට වැඩ කළොත් ‍ප්‍රතිපල ගන්න පුළුවන් අපි පෙන්වා දුන් ප්‍රතිපත්තිය අනුව වැඩ කරනවා නම් රටේ සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්.”