ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ තවත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබෙනවා.

එම තීන්දුව පහත පරිදි වෙනවා,

  • 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

*එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

*4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය.

*61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම්, එම අනුනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව 72 (2) වගන්තිය ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

  • 75 (3) වගන්තිය ආණ්ඩු ව්‍යවස්ථාවේ 3 වන අවස්ථාව සමග කිව යුතු 4 (ඈ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, තුනෙන් දෙකක බහුතරයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

*83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනයන් සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් පහව යනු ඇත.

*තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පමණක් පනත් කෙටුම්පත නීතියක් බවට පත්කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

කෙසේ නමුත් කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තුවේදී සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවයි එම තීරණයේ වැඩිදුරටත් දක්වෙන්නේ.