සමගි ජන බලෙවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය.
සෞභාග්‍යයේ ආණ්ඩුව යටතේ කිරිපිටි මිළ යලිත් ඉහල ගොස් තිබේ.එය පාලනය කිරිමට හෝ නතර කිරිමට වර්තමාන ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් හෝ හැකියාවක් නොමැත.පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යවරයා මෙයට පෙර කිවේ මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත් වන බවයි.වෙළද අමාත්‍යවරයා කියනුයේ ජනතාව අහාර පාන භාවිතයෙන් හැකිතාක් දුරට වැලකි සිටින ලෙසයි. ඉන්ධන මිළ වැඩි කරන විට මහ බැංකුවේ අධිපතිවරයා කිවේ ඉන්ධන පාරිභෝජනය අඩු කිරිමට මිළ වැඩි කරන බවයි.ඒ තුලින් ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැලකි සිටින බව ද වෙළද ඇමතිවරයා කියා ඇත. එමෙන්ම ඒ තුල ඩොලර් සුරකෙන බවද ආණ්ඩුව කියා සිටි.
කිරිපිටි මිළ වැඩිකරනුයේ ද පාරිභෝජනය අඩුකොට ජනතාවට කිරි වෙනුවට කහට බිමට දැයි ප්‍රශ්නයක් පැන නගි. තේ වගාව සදහා වු පොහොර නැතිවිම තුල ඉදිරියේ දි එය ද ගැටලුවක් විමට ඉඩ තිබේ.කිරිපිටි මිල වැඩි කිරිමට ඉඩදිම තුල මිළ තරගකාරිත්වයක් ඇතිවන බවත් ඒ තුල මිළ අඩුවිමට ඉඩ තිබෙන බවටත් වු කැකිල්ලේ පන්නයේ තර්කයක් ද මාධ්‍ය හරහා සමාජගත කරන්නට දරන උත්සාහයක් ද දියත් කර තිබේ.
මේ අතර කිරිපිටි ආනයන කරුවන් පවසන්නේ ඩොලර් අර්බුධය නිසා ගෙවිම් සිදුකිරිමට නොහැකිව කිරිපිටි ආනයනය නොකරන බවයි.දිනෙන් දින ඉහල යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ නිසා ජනතාව පත්ව ඇති අසිරුතත්වය පිළිබදව ආණ්ඩුවට කිසිදු වගකිමක් හෝ වගවිමක් නොමැත. මේ සියල්ලට හේතුව රටේ අයහපත් ආර්ථික කළමණාකරනය බව නොරහසකි. චින කාබනික පොහොර නැවට මිලියන 6.5 ගෙවන ආණ්ඩුවට රටේ දරුවන්ට කිරිපිටි ටික ගෙන්වාදිමට ඩොලර් නොමැති වීම සෞභාග්‍යයේ අභාග්‍යයයි.
දේශිය දියර කිරි ඇසුරුම් ආනයනයට ද ඩොලර් හරස්විම තුල දියර කිරි වෙළදපොලට පැමිණීමද ගැටලුවක් බවට පත්ව ඇත. දේශිය කිරිපිටි වු පැලවත්ත කිරිපිටි අලෙවි කල මිරිහාන වෙළදසැලද වසා දමා ඇත්තේ කිරිපිටි පොලිමේ සිටි ජනතාව මහමග ගමන්කල ආණ්ඩුවේ ඉහළම තලයේ අයෙකුට පෑ විරෝධයක් හේතුවෙන්යැයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.මෙය සත්‍යයක් නම් ආණ්ඩුව සිදුකර ඇත්තේ ජනතාවගෙන් පහත්පෙලේ පළිගැනිමකි.
මෙවැනි වාතාවරණයක් තුල විසදුම් දිය යුතු මුදල් අමාත්‍යවරයා නිවාඩුවකට සිය පළමු මව්බිම ලෙස සලකන ඇමරිකාවට ගොසිනි. අද රාජපක්ෂවරුන්ට ඇත්තේ තමාගේ බලය රැකගැනිම සදහා මිලග උරුමක්කරුවා සෙවිම මිස ජනතාවගේ ගැටලුවලට ලබදිම නොවන බව පැහැදිලිය.
රටේ ජනතාවට කුමක් වුවද ඔවුන් පෞද්ගලික ජෙට්යානා භාවිතා කරයි.තමාට රිසි පරිදි විදෙස්ගමන් බිමන් වලට එක්වේ.එවිට ඩොලර් හිගය ඔවුනට ගැටලුවක් ද නොවේ. රටේ ඩොලර් සංචිතය වර්ධනයට යැයි ණය පිට ණය ලබා ගනිමින් එම ණය නියමිත වේලාවට පියවිමට නොහැකිව කල් ඉල්ලමින් රටේ ගෞරවය අභිමානය කෙලසමින් කටයුතු කරයි .
උදාවන නව වසරේ කිරි ඉතිරවිමට කිරි හෝ කිරිබතක් පිසිමට සහල් හෝ නොමැත.අපේ රට මෙවනි අභාග්‍ය සමිපන්න යුගයකට මිට පෙර පත් වි නොමැත.අද වන විට රටේ භාණ්ඩ හා සේවාවල මිල තිරණය කරනුයේ කිරිපිටි සමාගම් ගෑස් සමාගම් බස්රථ ධාවකයින් සිනි පොල්තෙල් අහාර පාන ආනයනකරුවන් මිස ආණ්ඩුව නොවේ .පැහැදිලිවම මේ මොහොත වන විට රටේ විධායකයක් හෝ ආණ්ඩුවක් නොමැත.මෙය රට ගෙන යනුයේ. ආරාජිකත්වයකටයි බංකොලොත් රටක් සහ රටට ආංණ්ඩුවක් අහිමි කල සෞභාග්‍යයේ දුර්භග්‍යය අප අත්විදිමු.ආණ්ඩුව හැම අතකින්ම අසාර්ථක මේ මොහොතේ රාජපක්ෂවරු වහාම ජනතාවට තමාගේ ගැටලු විසදන ආණ්ඩුවක් තෝරාගැනිමට අවස්ථාව සලසා දිය යුතුයැයි සමගි ජන බලවේගය අවධාරණයෙන් ප්‍රකාශ කරමු.