විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැයේ දරුවන්ට ලබාදෙන 300 වැනි සක්වල ස්මාර්ට් පන්ති කාමරය අද (08) මන්නාරම ශාන්ත ආනා විද්‍යාලයට පරිත්‍යාග කිරීමට කටයුතු සුදානම් කර තිබේ .

සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වල වැඩසටහන විසින් මේ වන විට රුපියල් මිලියන 300 කට වඩා වටිනා ස්මාර්ට් පන්ති කාමර රටේ දරුවන්ට පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකේය සමස්ත සිසු දරුවන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අමතර ‘සක්වල’ බස්රථ ලබාදීමේ වැඩසටහන සහ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වටිනා දායකත්වයක් සපයන ‘හුස්ම’ වැඩසටහනද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්තව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

අති විශාල මුදල් යොදවමින් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනඥයා බලය පමණක් අරමුණු කරගනිමින් නොයෙකුත් බල දේශපාලනික ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ජනතාව රවටමින් සිටින අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග කණ්ඩායම සක්වල, හුස්ම වැනි අර්ථවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුලින් බලය නොමැතිව වුවද අර්ථවත් වෙනසක් රටට කළ හැකි බව ප්‍රයෝහිකවම ඔප්පු කර තිබේ.