විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත “සක්වල” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන  සුහුරු පන්ති කාමර ලබා දීමේ 115, 116, 117 වැනි වැඩසටහන් වලට සහබාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පාසල් වල දරුවන්ට ඇඳුම් කට්ටල ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කරනු ලැබීය.

115 වන වැඩසටහන යටතේ හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට,  116 වන වැඩසටහන යටතේ හම්බන්තොට තිස්සමහාරාම තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට, 117 වන වැඩසටහන යටතේ හම්බන්තොට තිස්සමහාරාම ඔයගාව රාවණාවැව කණිෂ්ඨ විද්‍යාලයට ලක්ෂ 10ක සුහුරු පන්ති කාමර බෙදා දීමට අමතරව එම පාසල් වල නර්තන කණ්ඩායම් වල දරුවන්ට අඩුවක්ව පැවැති ඇඳුම් කට්ටල ලබා ගැනීම සඳහා විපක්ෂන්යාක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ද ඒ අවස්ථාවේදී පරිත්‍යාග කරන ලදී.

සක්වල

හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දරුවන්ට ලබාදුන් සුහුරු පන්ති කාමරයට අමතරව පාසලේ නර්තන කණ්ඩායමට ත්‍යාග පරිත්‍යාග කළ අවස්ථාව.

 

සක්වල

තිස්සමහාරාම තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ලබාදුන් සුහුරු පන්ති කාමරයට අමතරව පාසලේ නර්තන කණ්ඩායමට ත්‍යාග පරිත්‍යාග කළ අවස්ථාව.

 

සක්වල

හම්බන්තොට තිස්සමහාරාම ඔයගාව රාවණාවැව කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට ලබාදුන් සුහුරු පන්ති කාමරයට අමතරව පාසලේ නර්තන කණ්ඩායමට ත්‍යාග පරිත්‍යාග කළ අවස්ථාව.