විපක්ෂ නායක සජිත් ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරනු ලැබූ සක්වල මේ වන විට පාසල් ප්‍රථම ක්‍රියාවට නංවා තිබේ.

ඒ හරහා පරිගණක තාක්ෂණය සහිත සුහුරු පන්ති කාමර යේක අයිතිය සිසු දරුවන්ට හිමිවේ.මේ පිළිබඳව විවිධ වෘත්තිකයින් සහ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් ඉතා දිරිගන්වන සුළු අදහස් දැක්වීම් කරනු ලැබ තිබුණි.

“ඇත්තටම මේ වගේ කටයුතු කරන්න ඕනේ සාමාන්‍යයෙන්නම් ආණ්ඩුවෙන්.මොකද රටක අධ්‍යාපනය කියන්නේ ඉතාම සංවේදී මාතෘකාවක්.අනිත් එක අද වෙනකොට ඔන්ලයින් අධ්‍යාපනය කියන එක හරිම වැදගත්.එහෙම තත්ත්වයක් තුළ මේ සක්වල වැඩසටහන විපක්ෂ නායකතුමා ආරම්භ කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.ඒක ඇත්තටම දුරදිග හිතල ගත්ත තීරණයක්.මම ආපහු කියන්නේ මේ වගේ කටයුතු කළ යුත්තේ ආණ්ඩුව.ඒත් අර සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් එපිටට ගිහිල්ලා විපක්ෂ නායකතුමා මේ කටයුත්ත කරමින් එක ගැන බොහොම සතුටුයි”

හිටපු අධ්‍යාපන ලේකම්වරියක්,අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥවරියක් වන ආචාර්ය තාරා ද මෙල් අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් මෙහෙම පවසා තිබුණි.

” ඇත්තටම මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ලෝකේ බොහෝ රටවල් අලුත් ක්‍රම අත්හදා බලන්න පටන් ගත්තා.ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව මේ විශේෂ අත්හදා බැලීම කළේ විපක්ෂය.ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා.ඔහු ඇතුළු ඔහුගේ විපක්ෂය ඉතිහාසයේ කිසිම විපක්ෂයක් නොකරපු විදිහේ ආදර්ශ කීපයක් ලබා දීලා තියෙනවා.එකක් පාසල් අධ්‍යාපනයේ නංවන්න ඔහු අරගෙන ඇවිත් තියන සක්වල වැඩසටහන.අනෙක සෞඛ්‍ය ක්ෂේත්‍රයට උදව් උපකාර කරන්න පහුකරගෙන යන හුස්ම වැඩසටහන.මේ දෙකම ඉතාම ප්‍රශස්ත වැඩසටහන්”

මහාචාර්යවරයා එසේ පවසා තිබුණි.

සිඩ්නි සරසවියේ ජේෂ්ඨ පර්යේෂකයෙකු වන කීර්තිමත් මහාචාර්ය සංජය දිසානායක එහෙම කියා තිබුණි.

“ඇත්තටම ගොඩක් දුෂ්කර ඉස්කෝල වලට computer එකක් කියන්නේ හීනයක්.සුහුරු පන්ති කාමර කියලා කියන්නේ හිතාගන්න බැරි තරම් හීනයක්.එනිසා මේ විදිහට හරි මේ දරුවන්ගේ ඇස් පාදන්න උදව් කරන එකට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා”

ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියක්  සජිත්ට එහෙම ලියා එවා තිබුණි