පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එකවරම විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතිය තුල යම් පසුබෑමක් පෙන්නම් කර තිබේ.
අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 320 සහ විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් තිබේන අතර රාජ්‍ය හා පුද්ලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේය.
විශේෂ කරුණක් වන්නේ රුපියල ශක්තිමත් වූ බව වරින් වර මාධ්‍ය මගින් දැඩි ලෙස ප්‍රචාරය කලද රුපියල පහල ගිය අවස්ථාවේ කිසිදු මාධ්‍යක් එය වාර්තා නොකිරීමයි.