ලංකාවට ආසන්න රටවල විදේශ සංචිත ඉහල යනවිට ලංකාවේ පමණක් විදේශ සංචිත පහළ ගොස් ඇති බැවින් රටේ වත්මන් ආර්ථික අර්බුදය ඇතිවුණේ කොවිඩ් බැලපැම නිසා නොවන බවත් අර්ථික අර්බුදය ආණ්ඩුව විසින් නිර්මාණය කළ දෙයක් බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“මේ රටේ බහුතරය දන්නවා නියතයෙන්ම මේ රටට ඇති වෙලා තියෙන ආර්ථික ඛේදවාචකය රජය විසින් නිර්මාණය කරපු ප්‍රශ්නයක් කියන එක. විවිධ අවස්ථාවල ඒක corvid කියල කිව්වට අපි නැවත නැවත කිව්වා රජය ගෝඨාභය රාජපක්ෂ මහතාට මේක ගෙනියන්න හැකියාව නැති බව.

අපේ රට තුළ ලෝකය තුළ තියෙන විවිධ කලාප ශ්‍රී ලංකාවට ආසන්නව තියෙන රටවල් ගත්තම විදේශ සංචිතවල තත්ත්වය එය සංචිත ඉහළ ගිහින් .නමුත් කොරෝනා වලින් පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත 2020 න් පසුව 79% ක් අඩු වෙලා තියෙනවා හැබැයි බංග්ලාදේශය එකට සාපේක්ෂව 41% කින් විදේශ සංචිත පහුගිය අවුරුදු දෙකේ වැඩිවෙලා තියෙනවා ඉන්දියාව 39%න්, භූතානය 35%න්, පාකිස්ථානය 33%න් ,පිලිපීනයට 24%න් මැලේසියාව 13% කින් තවත් ඒ ආකාරයෙන් මාලදිවයින ආදායම විදේශ සංචාරකයන් ගෙන් පමණයි එන්නේ ඒත් ඒගොල්ලන්ගේ සංචිත පහළ ගියේ නැහැ විදේශ සංචිත 5%න් වැඩි වෙලා තියෙනවා ඒ තුළින් පැහැදිලිව ඔප්පු වෙනවා මේ ආණ්ඩුවමයි මේ ප්‍රශ්නය නිර්මාණය කළේ කියලා .වසර දෙකක්ම මේ රටේ මේ ආණ්ඩුවට විපක්ෂයක් හැටියට අපි දිගටම කිව්වා මේකට ගත යුතු පියවරවල් මොනවද කියලා. විශේෂයෙන්ම අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවේ සහ පිටත් කිව්වා විශේෂඥ උපදෙස් දුන්නා .නමුත් ඒවා මායිම් කලේ නැහැ.

අපේ රට කෑලි කෑලි වෙන්දේසි කරන තත්ත්වයට පත්වෙලා මේක දොදොල් කෑල්ලක් නෙවෙයි කෑලි කපල විකුණන්න මොකද ඉන්දියාවෙන් ණය ගන්න ඕන වෙනකොට රට බංකොලොත් වෙනකොට ඉන්දියාව නළවන්නයි සනසන්නයි උත්සාහ කරලා එක එක දේවල් කියනවා දැන් වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ ඉන්දියාවත් එක්ක ණය ගන්න විතරක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා දුන්නා හැබැයි ප්‍රශ්නේ විසඳුනේ නැහැ බටහිර පර්යන්තය දුන්නා නැවත ඊයේ පෙරේදා ණයක් ලබා ගන්න සාම්පූර් බලාගාරයක් දෙන්න එකඟ වුණා. අපිට ආරංචි යාපනේ බලාගාර දෙකක් ඉන්දියාවට දෙන්න යනවා කියලා මෙහෙම රටක් ගෙනියන්න පුලුවන් ද?”

යනුවෙන් අද (16) විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .