අද පෙරවරුවේ වෘත්තීය සමිති නායකයින් රැසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි අතර, ඒ අනුව එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය, සමගි සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමය යන වෘත්තීය සමිති එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, දිගම්බරම් යන මහත්වරුන් මෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, මුජිබුර් රහමන්, වඩිවෙල් සුරේෂ්, තුෂාර ඉඳුනිල් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අදාළ ආයතන මුහුණ දෙන ගැටලු සහ, ඒවා සම්බන්දයෙන් උද්ගතව ඇති අර්බුදයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.