රටේ වර්තමාන තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත බවත්. එය උදාකර දුන්නේ වර්තමාන රජය බවත් වියත් ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රශ්නයත් එක්තරා නාට්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ මන්ත්‍රීවරයා.
අපිට මතකයි ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මහින්ද රාජපක්ෂ තමන්ගේ සහෝදරයා පොහොර රුපියල් 350 ට ලබා දුන්නා නම් අපි ඒක මොකටද නැවතත් ඒ 350ගන්නේ කියලා එදා අත් දෙකම උස්සලා කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා. නොමිලේ දෙන්න ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද මොකක්ද කරලා තියෙන්නේ .ඊනියා කාබනික පොහොර පිස්සුවක් හදාගෙන මිත්‍යාව පස්සේ ගිහිල්ලා මොකක්ද රටට වෙලා තියෙන්නේ .අද මේ වෙනකොට ගැසට් reverse කරමින් තීන්දුවක් අරගෙන රසායනික පොහොර නැවත ගෙන්වන්න. මේ වෙනකොට මහකන්නයේ ගොවියා ආරම්භ කර වැඩ නතර කරලා. විශේෂඥ මතය අනුව වී නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් මහ කන්නයේ ලැබෙන්නේ නැහැ අස්වැන්න අහිමි වෙලා අපේ රටේ අපනයන බෝග වන තේ, සුළු අපනයන බෝග, රබර් හැම එකක්ම අද වෙනකොට විශාල ලෙස හානිදායක තත්ත්වයට පත්වෙලා. එහිදී ආණ්ඩුවෙන් අහනවා අද ගත්ත ඔලමොට්ටල තීන්දු නිසා රටක් හැටියට සිදු වූ විශාල හානියට වග කියනවද කියලා.

තව දුරටත් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය

ලෝකයේ අද කෝවිඩ් එක නිසා ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වනවා එය ඉතාම අත්‍යවශ්‍ය දෙයක් ආහාර නිෂ්පාදනය කරන බොහෝ රටවල් තමන්ගේ ආහාර වෙනත් රටවල් වලට ලබා නොදෙන තැනට ඇවිල්ලා .එවැනි තත්ත්වයක් තුළ අපි මොකද කරේ කෝවිඩ් තත්ත්වය තුළ හොඳටම කරන්න පුළුවන් කෘෂිකර්මාන්තය කාබනික පොහොර කතාව නිසා එහෙම්පිටින්ම කඩා බිඳ දාලා ඒකයි මේක නාට්‍යයක් කිව්වේ . ගැසට් එක රිවස් කරමින් අවසන් කළේ එම නාට්‍යයේ අවසාන කොටසයි .නමුත් රඟපාපු නාට්‍ය තුළින් රටට වෙච්ච හානිය මොකක්ද? එක පැත්තකින් ගොවියාට තමන්ගේ ආර්ථිකය සම්පූර්ණ කඩා වට්ටලා වී ගොවිතැන කරන මේ රටේ විශාල පිරිසක් අපහසුතාවට‌ පත් කරලා ඒ අය පොහොර ප්‍රශ්නයක් එක්ක ගොවිතැනින් ඉවත් වෙලා. ඒ වගේම යූරියා මිටියක් රුපියල් 1500 ට තිබුණ එක ගොවියාට සිදු වුණා රුපියල් 8000ට කළු කඩෙන් ගන්න ඒකත් බොහෝ අයට ගන්න බැරි වුණා. ඒ නිසා නිෂ්පාදනය විශාල ප්‍රමාණයකින් අඩු වෙනවා. අපි නිදහස ලබපු දින ඉදලම වී ගොවිතැන සම්බන්ධයෙන් ඩී එස් සේනානායක මැතිතුමා ගේ කාලේ ඉඳලා ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ මහවැලිය වැනි ව්‍යාපෘති හදලා එදා 1948 දී 39% නිෂ්පාදනය කරපු අපේ අවශ්‍යතාවය අනුව හාල් ස්වයංපෝෂිත තැනට ගේන්න පුළුවන් වුණා .එවැනි වෙලාවක තමයි මේ ආණ්ඩුව පොහොර ප්‍රශ්නයක් දාලා ගොවියා අසරණ වෙනකොට අපේ රටට වී නිෂ්පාදනය විශාල ප්‍රමාණයකින් අඩු වෙන්නේ. එම නිසා ඉදිරියේදී සහගතය මුහුණ දෙන්න අපට සිදුවන බව ඒ මහතා පැවසීය.

අද එළවලු මිල රුපියල් හාරසියත් , පන්සීයත් අතර බවත් එය මේ වෙනකොටත් ඒ අඩු වෙලා නැහැ ඒකට හේතුව එළවළු ගොවියා තමන්ගේ වගාවන් නැවැත් වීමත් පොහොර නැතිකමත් නිසා බවත් විශාල ආහාර හිඟයකට අපේ රට ඉදිරියේදී මුහුණපාන්න සිදු වීමත් නිසා ලබන සිංහල අලුත් අවුරුද්ද වෙන විට රටේ ජනතාවට මේවාට වන්දි ගෙවන්න සිදුවෙන බවත්. වේලක් හැර වේලක් කන ජනතාවට බඩගින්නෙ ඉන්න තැනට පත් කරන්න මේ ආණ්ඩුව