මෙරට ආගමික අභිවෘද්ධිය උදෙසා මහඟු මෙහෙයක් ඉටුකළ අපවත් වී වදාල මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සද්ධර්මවාචස්පති සිරි විජයවංසවංසාවතංස ශාසන කීර්ති ශ්‍රී ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ශක බලමණ්ඩලයේ සහ මිනුවන්ගොඩ ශාසනාරක්ශක බල මණ්ලයේ ගරු සභාපති පත්තඬුවන භික්ශු ආයතනාධිපති අධ්‍යාපනවේදි අතිපූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී නායක ස්වාමීන්වහන්සේගේ දේහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම සඳහා සදහා පසුගිය දා එක්විණි.
අපවත් වූ නායක ස්වාමීන් වහන්සේ රට පුරාම වැදගත් ආගමික සාසනික මෙහෙවරක් ඉටු කළ බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය හා ආරක්ෂාව උදෙසා ප්‍රායෝගික බෞද්ධයකු ලෙස උන්වහන්සේ සුවිශාල මෙහෙයක් ඉටු කළ බවත් එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
උන්වහන්සේගේ හදිසි අපවත්වීම රටට දැයට සම්බුද්ධ ශාසනයට බලවත් පාඩුවක් බවට ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේට අති උතුම් අමා මහ නිර්වාන සුවය ප්‍රාර්ථනා කළේය.