ආණ්ඩුව විපක්ෂය බිය වද්දන්න කටයුතු කරනවානම් එය ආණ්ඩුවට වැරදිලා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
ඊයේ දිනයේ පාර්ලිමේන්තුව ඇතිවූ සිද්ධිය ඉතාමත් අශෝභන සිද්ධියක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය අය-වැය විවාදයේ දී කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ තමයි ප්‍රධාන අවස්ථාව වෙන්නේ අද මේ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් කරාම ආණ්ඩු පක්ෂයට සිද්ධ එයට උත්තර දෙන්න බැරි හින්දා තර්ජනය කරන්න විපක්ෂය පැත්තට ඇවිල්ලා රණ්ඩු කරන තත්වයට පත්වෙලා අපි දැක්කා මේ තත්ත්වය දින 52ක ආණ්ඩු කාලය දී කරු ජයසූරිය මහත්මයා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේදී හැසුරුණු ආකාරය හොඳින් දැක්කා තමන් බල වියරුවෙන් එදා මිරිස්කුඩු ගහමින් පුටු කඩමින් එදා හැසිරුන කණ්ඩායම තමයි ඊයේ දිනයේත් අශෝභන ආකාරයෙන් හැසිරුණේ ආණ්ඩුවට අපි කියනවා මේ විදිහට විපක්ෂයකට තර්ජනය කරල විපක්ෂය බිය වද්දන්න හදනවා නම් ඒ වැරදීමක් අද මේ අයට ගමට යන්න බැරි තත්වෙට පත් වෙලා පාර්ලිමේන්තුව තුළ අද ලෑස්ති වෙනවා විපක්ෂය මර්දනය කරන්න ඒ වෙනුවෙන් අද කතා කරලා විවාද කරලා මේක බේරගන්න බැරි බව දන්න නිසා තමයි ඊයේ දිනයේ එය ආරම්භ කළේ පැහැදිලිවම අපි කියනවා විපක්ෂයක් විදිහට සමගි ජන බලවේගය ආණ්ඩුවේ තර්ජන ගර්ජන වලට බය නැහැ කතානායක තුමාටත් කියනවා ඔබතුමා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කතානායක ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරුන්ට ඕන විදිහට මේ පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගන්න එපා ඔබතුමා සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සියලුම දෙනාට සාධාරණව කටයුතු කරන කතානායක බවට පත්වෙන්න. එදා ආදර්ශයක් දුන්නා කරු ජයසුරිය මැතිතුමා දින පනස් දෙකේ දී නොයෙකුත් බාධක ආවත් නිර්භීතව ඉඳගෙන සාධාරණ කථානායකවරයා විදියට කටයුතු කරා ඒ නිසා පැහැදිලිව කියනවා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාව නොයෙකුත් වෙලාවල් වලට අපි දකිනවා විශාල විවේචනයට ලක් වෙලා.
අපි කියනවා මේ රටේ ජනතාවට 225ම ගැන කතා කරාට 225ම නෙමෙයි මේ ක්‍රියාවලියෙදී ඉන්නේ මේ කණ්ඩායම ආන්ඩුවේ ඉන්න සුළු පිරිසක් සංවිධායකවරයා එක්ක එකතු වෙලා මේ කරන ක්‍රියාවලිය අපි හෙලාදකින විතරක් නෙමෙයි මේ ඉදිරියට කතානායකතුමා මෙවැනි අසරණ සිද්ධියක් පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට වග බලා ගත යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මේ බව කියා සිටියේ 04 විපක්ෂ නායක කර්‍යාලයේ දීය .