අටවනදාට යෙදී තිබෙන නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති විසින් සිදුකරන රාජාසන කතාව වර්ජනය කිරීමට සහ එදින පාර්ලිමේන්තු වර්ජනය කරන බව සමස්ත විපක්ෂයම තීරණය කොට ඇති බව වාර්තා වේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු පක්ෂද මෙම තීන්දුවට එළඹ ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් මේ වන විට වාර්තා කර ඇත.

පළමුව සජබය මෙම රාජාසන කතාව වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කළ අතර අද දින නිදහස් ජනතා සන්ධානයද එය වර්ජනය කරන බව ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.

මේ ආකාරයට ජනාධිපතිවරයාගේ රාජසන කතාව විපක්ෂය විසින් වර්ජනය කරනු ලබන්නේ දිගු කලකට පසුවය.