ජනාධිපතිවරයා පසුගියදා ජාතිය අමතමින් කියා සිටියේ වත්මන් අර්බුදය ඔහු විසින් නිර්මාණය නොකළ දෙයක් බවත් එහෙත් සමගි ජන බලවේගයේ අක්මීමන ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ වත්මන් අර්ථික අර්බුදය ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ දෙයක් බවයි .
විජේපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වු විගසම vat බදු අඩු කරමින් තම ගජමිතුරන්ට බදු සහන ලබා දෙමින් රාජ්‍ය ආදයම අඩු කර ගත් බවත් තවද ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ඇති ලංකාවේ රසායනික පොහොර තහනමි කිරීමෙන් එහි අවසන ප්‍රතිඵලය වුයේ තේ ආදයම අඩු විම හා ගොවිතැන් විනාශ විම නිසා රටින් සහල් ආනයනය කිරීමට වු බවත් එම තත්ත්වය නිර්මාණය කළේ කවුරුන් විසින් ද, යන්න මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ සිටියේය .
මෙම තිරණ නිසා විදේශ සංචිත හිගය නිර්මාණය වු බව මන්ත්‍රීවරයා සදහන් කරා.
වැඩි දුරටත් කියා සිටියේ ඩොලරය හිර කර තැබිම නිසා මෙරටට ලැබෙන විදේශ ප්රෂෙණ අඩු වු හෙයින් එමගින් විදේශ සංචිත හිගය නිර්මාණය කළේ කවුද ? යන්න දෙවනුව මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් විමසා සිටියේය .
ඔහු තවදුරටත් කියා සිටියේය පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ කතාව සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි .
මේ අදහස් දැක්වූයේ අද සමගි ජන බලවේග මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .
සටහන – CJ