ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 26 හෝ 27 යන දින දෙකෙන් එකකදී ජාතිය ඇමතීමෙන් පසු සියලු පක්ෂ වල එකතුවෙන් ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමට සැලසුම් කර තිබෙන අතර එම ජාතික ආණ්ඩුවේ කැබිනෙට්ටුවෙන් විජේදාස රාජපක්ෂ ඉවත් කර එස්.බී.දිසානායක වැනි මත්යවරුන් ඇතුලත් කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබේ.
ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත්කර එම අමාත්‍ය ධූරය සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ලබාදීමට සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය එස්.බී.දිසානායක මහතාට ලබාදීමටද නියමිත අතර නව රාජ්‍ය අමාත්‍ය තනතුරු කිහිපයක වෙනසක් කිරීමටද නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත තහවුරු කර තිබෙනවා.
ඊයේ දිනයේදී මාධ්‍ය හමුවකට සහබාගී වූ සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා සඳහන් කලේ ලබන 26 වැනිදා ජනාධිපතිවරයා රට බංකොලොත්භාවයෙන් මුදාගත් බවට ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බවත්, එම ප්‍රකාශය කළ යුත්තේ ජනාධිපතිවරයා නොව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් රේටින්ග්ස්, මූඩීස්, S&P වැනි ආයතන බවයි.
කෙසේ වෙතත් පසුගිය අරගල සමයේ ජනතාව නිවෙස් වලින් එලියට බැස විරෝධතාවය ප්‍රකාශ කළේ ගොටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් නොව රටේ දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් තිබූ රනිල් රාජපක්ෂ දේශපාලන සංස්කෘතියට එරෙහිවයි. එවැනි වාතාවරණයක් තුළ දේශපාලන කුමන්ත්‍රණ වලින් රාජපක්ෂ දූෂිත වළල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිධුරය බාරගත් රනිල් වික්‍රමසිංහ සුපුරුදු දේශපාලන සංදර්ශන පවත්වමින්, ඔළුගෙඩි මාරු කරමින්, ජනතාව රවටමින් මේ ගෙනයන කුමන්ත්රණකාරී දේශපාලන ක්‍රියාවලිය අනිවාර්යයෙන් පරාජය කළයුතුව ඇත.