මාතලේ ප්‍රදේශයේ රජයේ වත්තක් තුළ රජයේ නිලධාරියකු සිදු කළ අසාධාරණ අත්තනෝමතික ක්‍රියාව හෙළා දකිමින් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා අමතා කියා සිටියේ වතු ජනතාව භීතියට පත් කළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව හෙළා දකින බවත් ඒ සියලු දෙනා නීතිය හමුවට කැඳවා ආ යුතු බවත්ය.
එතුමා වැඩිදුරටත් කියාසිටියේ නිසි අධ්යපනයක්වත් නොමැතිව ඉතා දුක්ඛිත ජිවිතයක් ගතකරමින් සිටින එම ප්‍රජාව තලා පෙලා පිඩාවට පත්කිරීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් වැවිලි කර්මාන්ත ඇමතිවරයා වහා මෙයට ක්‍රියාමාර්ග ගත යුතු බවත් එතුමා පැවසීය.