ලෝකය යන ගමනට එකතු නොවී රට ගොඩනැගීමට නොහැකි බවත් වත්මන් ආණ්ඩුවේ ක්රියාකළපය අනුව රජයට 2048 වන විට රට ගොඩනැගීමේ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවත් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
ආචර්ය හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
ප්රශ්නය – ජනාධිපතිවරයා කියනවා 2048 වනවිට රටේ ප්‍රශ්න සියල්ල විසඳගන්න පුලුවන් කියලා. 2048 සියලු ප්‍රශ්න ටික විසඳන්න පුලුවන් වෙයිද ?
සංවර්ධිත රටක් වුණාම ඒක පුද්ගල ආදායම වැඩි වෙන්න ඕන. අපි හිටියේ ඉහළ මැදි ආදායම් රටක් විදිහට. ගෝඨාභය ඇවිත් රට පහල මැදි ආදායම් රටක් විදිහට ඇදලා දැම්මා. ණය ගෙවන්න බැරිවුණා ලංකාව ඉල්ලා හිටියා දුප්පත් රටක් ලෙස නම් කරන්න කියලා. 2048 වනවිට ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්න 2025 සිට 2048 දක්වා හැම අවුරුද්දෙන සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් තියෙන්න ඕන. ඒක කරන්නේ කොහොමද. ඒක කරන්න මොකක්ද තියෙන සැලසුම. 2048 සංවර්ධිත රටක් කරන් දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ආණ්ඩුවක් මාරුවුණාම රටක් සංවර්ධනය වෙන්නේ නෑ. මේ රට තනි පුද්ගලයෙකුට ගොඩගන්න බෑ මතවාදයකට පමණයි රට ගොඩගන්න පුලුවන්. ආණ්ඩු මාරුවුණ ගමන් මතවාද වෙනස් කරනවානම් කාගෙවත් සරණක් නෑ. ලෝකය යන ගමනට අපිට එකතු වෙන්න බැරිනම් අපට රට ගොඩගන්න බෑ.