ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොයා සිටින්නේ රාජපක්ෂකරණය නතර කිරිමට නොහැකි නිසා බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

මෙසේ කියා සිටියේ අද (25) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“මේ ආණ්ඩුව අර්බුදයක් තුලින් අර්බුදයක් මවල ජනතාව නොමග යවනවා .ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණ වැරදියි.දැන් ඩොලර් එක රුපියල් 200ට තියාගෙන ඉන්නවා එය විශාල ප්‍රශ්නයක්. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ .ඒ ඇයි, එසේ ගියාම කොන්දේසි දාන නිසා. අපේ රටේ රාජ්‍ය වියදමෙන් 64% පාලනය කරන්නේ රාජපක්ෂවරුන්.උදාහරණ , ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විදියට, මහින්ද රාජපක්ෂ අගමැති විදියට,බැසිල් රාජපක්ෂ මුදල් ඇමති විදියට , නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති , ශෂේන්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්ම ඇමති , වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ යන ඇමතිවරු . ඔවුන් රාජ්‍ය වියදමින් 64% පාවිච්චි කරනවා. එහිදී ලෝකය කියනවා රාජපක්ෂකරණය නතර කරන්න කියලා. ලෝකයේ කිසිම රටක එක පවුලක් රාජ්‍ය වියදමෙන් සියයට 50ක් ,60ක් පාවිච්චි කරන්නේ නැහැ. මේක නතර කරන්න කියන්න පුළුවන්ද ? එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන්නේ නැහැ.

ඒ වගේම රාජ්‍ය ආදායමෙන් 70% ණය පොලී ගෙවන්න තියෙනවා .ලෝකයේ කඩා වැටන රටවල් වලින් දෙවැනි තැන අපේ රට. ආජන්ටිනාව මුල්තැන ඉන්නේ එම රට කඩාගෙන වැටිලා දෙවැනියට අපේ රට ආජන්ටිනාවේ උද්ධමනය ඉහළ ගිහින් අපි උද්ධමනය අතින් දොළොස් වන තැන හිටියත් අනිත් සියල්ලගෙන් අපි කඩාගෙන වැටිලා ඒ තත්ත්වයට පත් කළේ සෞභාග්‍ය දැක්ම එම නිසා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වටපිටාවක් ඇති කරලා විසිවෙනි සංශෝධනයක් ගෙනල්ලා ලෝකයෙන් කොන් කරල විශාල හානියක් කරලා.

අද වෙද්දී අපේ රටේ සහල් හිඟා කන තත්ත්වයට පත් වෙලා . චීන රබර් ගිවිසුමක් එදා තිබුණා යුද්ධයේදී සල්ලි නැති නිසා රබර් දීලා හාල් ගත්තා ඒක නතර වුණා එදා අපිට සහල් අතිරික්තයක් තිබුණා එහෙම තිබුණු රට අද චීනයෙන් හිඟා කන තත්ත්වයට පත් වෙලා. ඒක කළේ මේ රජයයි රාජ්‍ය ආදායම අඩු කරගත්තා මෙම සියල්ල සිදුවුණේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය තියෙන දුර්වලතාව නිසා.”බව පැවසීය.