මේ රටට අනාගතයක් ජිවත් විමට සුදුසු පරිසරයක් නැතැයි කියමින් මිනිස්සු රට අත්හැර යාමට පාස්පොට් කන්තෝරු අසල දිගු පෝලිම් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි .
ඔහු පවසන්නේ ගෑස් , කිරිපිටි පෝලිම් වලට වඩා දැන් පාස්පොට් පෝලිම දිගු බවයි .
විදේශිය කිරිපිටි මිල ඉහල ගියේ ඩොලර් අර්බුදය නිස බව කියන ආණ්ඩුව , දැන් දේශිය කිරිපිටි වල මිල ඉහල යන්න හේතුව දේශිය කිරි ගොවින්ට ඩොලර් වලින් ගෙවනවා ද යන්න මනුෂ නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය .