කිසිඳු ජන වරමක් නොමැතිව කුමන්ත්‍රණයකින් අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ තවත් කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුකර එක දිනයක් හෝ වැඩියෙන් ජනාධිපති පුටුවේ සිටීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා.

පසුගිය මැතිවරණ හරහා ජනතාව කුනුකුඩයට ඇද දැමූ රනිල් වික්‍රමසිංහට රාජපක්ෂවරුන් බේරාගැනීම වෙනුවෙන් පිනට ජනාධිපතිධුරයක් ලැබුණු බවත් ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ පුටුව බදාගෙන සිටි ආකාරයටම රටේ ජනාධිපති පුටුවත් අවභාවිතා කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා එක එක පුද්ගලයින් අධිකරණයට යවා ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මේ වන විට හදිසියේ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර ඒ හරහා කුමක් හෝ හිඩැසකින් එක දිනයක් හෝ ජනාධිපති ධූරයේ සිටීමට කටයුතු කරක්මින් සිටින බවත් රෝහණ බණ්ඩාර මහතා පවසනවා.

 රට මේ තත්වයට ඇද දැමීම වෙනුවෙන් අධිකරණය හමුවේ වැරදිකරුවකු වී සිටින බැසිල් රාජපක්ෂට අගමැතිකම ලබා දී පොහොට්ටුවේ සහයෝගයෙන් නැවත වතාවක් ජනාධිපති වීමේ ක්රියමර්ගයක් රනිල් වික්‍රමසිංහ මේ වන විට දියත් කරමින් සිටින බවයි රෝහණ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.