අද රටේ පීඩාවට අසහනය⁣ට පත් ජනතාවට මැතිවරණයේදී පොරොන්දු වු ආකාරයට පීඩනය අවම කරනවා කිය පොරොන්දු වුවත් එය කළ නොහැකි වු ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා නොදී සමගි ජන බලවේගයට බහුතරය ලබා දීම කළ යුතු බවත් එය රටේ අවශ්‍යතාව වී ඇති බවත් ජනාධිපතිවරණ වේදිකාවේ අනුර කුමාර දිසානායක මහතා බදු අඩු කර වක්‍ර බදු සෘජු බදු අඩු කරනවා යැයි කිව්වත් එය කළ නොහැකි වු බවත් IMF එකත් සමග සාකච්ඡා කර ගිවිසුම වෙනස් කරන බව කිව්වත් එය කිරීමට නොහැකි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (27) කොලොන්නාවේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ වන විට අත්‍යාවශ්‍ය ආහාරවල හිගයක් ඇතිව පොල් ගෙඩි සදහාද පෝලිමක් ඇති බවත් හිටපුු ජනාධිපතිවරයා රටම අමාරුවෙ දමා 2028 සිට ණය ගෙවන්න පොරොනදු වී ඇති බවත් තවත් වසර හතරක් පමණක් එයට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ආර්ථිකයට නම් මේ ණය ගෙවීම දරාගත නොහැකි බවත් ඒ සදහා සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් මේ ණය කන්දරාව නැවත ගෙවීමට නම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් 2028දීත් බංකොලොත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කර ජනතාවට ගැලපෙන ගිවිසුමක් අත්සන් කළ හැක්කේ් සමගි ජන බලවේගයට බවත් පෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක් නිර්මාණය කරන රටක් ගොඩනැගිය හැක්කේ සමගි ජන බලවේගයට බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.