අද වන විට රාජපක්ෂ ආණ්ඩුව ප්‍රපාතයකට ඇදවැටී ඇති බවත් රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක වි ඇති බව සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ සම්පත් කුණු කොල්ලයට විකිණිමෙන් තිබෙන බවත් කොටසක් චිනයට,කොටසක් ඉන්දියාවට තවත් කොටසක් ඇමෙරිකාවට ලබා දෙමින් කොමිස් මුදල් සාක්කු වලට දා ගන්නා බවයි .

ආණ්ඩුවෙන් යැපෙන සමහර මධ්‍ය අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවත් එහෙත් මධ්‍ය කල යුත්තේ සත්‍ය හා සමබර පුවත් ජනතාවට ලබා දිම බව සජබ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටිනවා.

තව දුරටත් කියා සිටියේ මධ්‍යවේදින් මධ්‍ය මුදලාලිලාට අනුව කටයුතු නොකර යුතු බවත් මධ්‍ය සදාචාරය හා ආරක්ෂා තහවුරු වෙන ලෙස කටයුතු කළ යුතු බවයි .

සමගි ජන බලවේගයේ සියලුදෙනා ශක්තිමත්ව එකට සිටින බවයි මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ .

මෙම අදහස් දැක්වූයේ අද විපක්ෂ කර්‍යාලයේ දිය.