ඉන්ධන ,ගෑස් ,විදුලිය නොමැති වීම හා සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල දෙගුණයකින් ඉහල යාමෙන් ජනතාවගේ එදිනෙදා ජිවන තත්ත්වය අඩාල වි ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලංකාවේ අහාර උද්ධමනය 30% ඉහල ගොස් ඇති බවත් එළබෙන සිංහල අලුත් අවුරුද්ද ජනතාවට සැමරිමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කියා සිටියේය.
ඔහු තව දුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව පලවා හැරීමට රාජපක්ෂවරු ඔහුනගේ රටට, ඇමේරීකාවට යැවිම සදහා සමගි ජන බලවේගයේ සමග සියලුමදෙනා අත්වැල් බැද ගෙන හෙට කොළඹට පැමිණෙන ලෙස ආරාධනා කළ සිටියේය .
ඊයේ උත්සවයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය .