රාජපක්ෂවරු ආරක්ෂා කරන රාජපක්ෂවරුන්ට කඩේ යන රනිල් වික්‍රමසිංහ මහතා සමග සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ නොවන බව හා කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා පවසයි .

සමගි ජන බලවේගයට අගමැතිකම් තනතුරු ලබා ගැනිමට කිසිම කෑදර කමක් නොමැති බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

ගරුතර මහා සංඝරත්නය , කාදිනල් හිමි හා සිවිල් සමාජ විසින් සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගන්නැයි කළ ඉල්ලීමට අනුව කොන්දේසි සහිතව අගමැතිකම ලබා ගැනිමට සුදානම් බව පවසා ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දුන්නාත් එය නොසලකා කොන්දේසි රහිතව අග්‍රාමාත්‍ය ධුරය ඉල්ලන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා දුන් බව ද, පැවසීය .

සමගි ජන බලවේගය රාජපක්ෂ විරෝධී බවත් රාජපක්ෂවරුන්ට විරුද්ධව ඉදිරියටත් කටයුතු කරන බව තුෂාර ඉදුණිල් මන්ත්‍රීවරයා කියා සිටියේය .

යහපාලන අණ්ඩුවේ දී රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ද , මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ