ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛව පොහොට්ටු ආණ්ඩුව විසින් මෙරට අලුත් දුප්පත්කමක් වෙත තල්ලු කළ බවත් ඒ තුළින් ඉහළ තලයේ සිටි ජනතාව පවා පහලට කඩාවැටුණු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මේ අසීමිත පීඩනය දරා ගත නොහැකිව රටේ ජනතාව වීදි බැස්ස බවත්, එය හිංසාවාදී අරගලයක් වූ අතර ඊට රාජපක්ෂලා ප්‍රතිචාර දැක්වූයේ හිංසනයෙන් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටට අලුත් විකල්පයක් අවශ්‍ය බවත්, එය සම්ප්‍රදායෙන් බැහැර වුණු රටට නව වැඩපිළිවෙළක්, අලුත් මාවතක් කියාදෙන විකල්පයක් විය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිරකරුවෙක් බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් සමඟ එක් වන අයෙක් වෙත්නම් ඔවුන්ට අනාගතයේ නාමයෝජනා ගන්නට සිදුවන්නේ කපුටෙකුගේ පාලනයෙන් බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද (04) පස්වරුවේ සමගි ජනබලවේගයේ මීරිගම ආසන බලමණ්ඩලය අමතමිනි.